අනිල් අඩියක් පස්සට තබයි

0
83
වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම

වෙන්නප්පුව මහ වැවේ කොටසක් අනිල් ප්‍රනාන්දු නැමැත්තෙකුට අවැසි ලෙස ගොඩ කර ගැනීටව වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා  ලබාදුන් ඉඩකඩ හොදින් පුයෝජනයට ගත් ඔහු වැව් ඉවුරේ අඩි 100ක බැම්මක්  ඉදිකර තිබුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය ඉංජිනේරුවරයාට ද දැනුම් නොදීය.
පසුගියදා මේ සම්බන්ධයෙන් මාධ්‍ය  මගින් හෙලිකළ පසු ඉංජිනේරුවරයා විසින් මෙම නීතී විරෝධී ලෙස ඉදිවූ බැම්ම සම්පූර්ණයෙන් කඩා ඉවත් කරන ලෙස දැනුම්දෙන ලදී.
ඊයේ වන තෙක් එය සිදුුනොවූයේ මේ පිළිබදව නැවත සාකච්ඡා කර අතරමැදි    විසදුමකට  පැමිණීමට බව  ඊයේ  පවත්වා ඇති සාකච්ඡාවේ දී ගෙන ඇති  විසදුමෙන් පැහැදිලි වී ඇත.
ඊයේ එනම් 09 වනදා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපිවරයා විසින්  ප්‍රා.  ඉංජිනෙරුවරයා, ගොවි සංවිධාන නියෝජිතයින් ,  සහ අනිල් ප්‍රනාන්දු නැමැත්තා  කැදවා සාකච්ඡාවක් සිදුකර තිබේ.

මෙහිදී මෙම බැම්ම සම්පූර්ණයෙන් කඩා ඉවත් නොකොට  අඩි එකහමාරක්  පස්සට ගෙන වැවේ ඇතුලට ඇති  බැම්ම පහත්කර සෑදීම සදහා තුන්පාර්ශවයම එකග වී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ඉංජිනෙරුවරයාගෙන්  අප කළ විමසීමේදී ඔහු පැවසූවේ මෙම බැම්ම නැවත සකස් කරන්නේ වැව් ඉවුරේ  සොදාපාලුව රැකෙන පරදි බවයි. එමෙන්ම මෙම අනිල් නමැත්තාගේ උවමනාව පරිදි කිසිදු  පුද්ගලික කටයුත්තක් එම ස්ථානයේ සිදුනොකිරීමට ද තමන් වගබලාගන්නා බවට ද ඔහු ප්‍රකාශ කර සිටියේය.
මේම ඉදිකිරීම සදහා වියදම් දැරීම කවුරැන් විසින් සිදුකරනවාැයි විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබදව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා  වගකීම දරනු ඇති බවයි.

සබැදි  පුවත්

වෙන්නප්පුව වැවේ නිතිවිරෝධි බැම්ම කඩා දමන ලෙස ප්‍රා.සභාපතිට දැනුම් දේ.

http://www.meepura.com/stories/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80

වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීමක්

http://www.meepura.com/page/2?s=%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+