කට්ටුවේ තී‍්‍ර රෝද රථ අනතුරින් දංකොටුවේ දෙදරු මවක් මිය යයි.

0
160

8c646ac67a4d2aff5aae5a1258396f9a XLnew

මීගමුව, කට්ටුව හංදියේදී පසුගිය සැප්තැම්බර් 30 වැනිදා උදෑසන 5.30 ට පමන සිදු වූ රිය අනතුරකින් 63 හැවිරිදි දෙදරු මවක් මිය ගොස් ගියේය. එදින උදෑසන තම පුතුන් දෙදෙනා සම`ග මීගමුව නගරයට පැමිණ සිය රෝගී තත්වයකට ප‍්‍රතිකාර ලබා ගනිමින් ආපසු තම නිවස බලා යමින් සිටියදී ඇය මෙම අනතුරට ලක් වී තිබේ. තම පුතුන් දෙදෙනා සම`ග තී‍්‍ර රෝද රථයකින් ඇය ගමන් කර තිබෙන අතර එම තී‍්‍ර රෝද රථය පදවා තිබෙන්නේ ද ඇගේ පුතෙකු බවද වාර්තා වුණි. මෙම තී‍්‍ර රෝද රථයට පිටු පසින් පැමිණි මෝටර් රථයක් මෙම තී‍්‍ර රෝද රථය හා ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන අතර, මෙම අනතුරින් මිය ගිය විජේසිංහ ආරච්චිගේ නන්දාවතී නැමැත්තිය දංකොටුව, මැටිකොටුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. තී‍්‍ර රෝද රථය පැදවු බව කියන ඇයගේ පුතෙකු වූ එස්.ඒ. චින්තක රුවන් සම්පත් ගේ තත්වය ද බරපතල බැවින් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි. එලෙසම අනතුරට ලක් වූ ඇයගේ අනෙක් පුතු වන එස්.ඒ. යසස් සම්පත් මේ වන විට මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මෙම තී‍්‍ර රෝද රථය හා ගැටුණ මෝටර් රථය පැදවු ඒත්තුකාල ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බව කියන ටෙරන්ස් ප‍්‍රනාන්දු නැමැත්තා මේ වන විට මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙසම මෙම අනතුර සිදු වන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවට ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here