හිතුමතේ මුදල් වැය කිරිම නිසා නගර සභාවේ මුල්‍ය අර්බුදයක් ! බදු වැඩිකිරිමට යෝජනාවක් !

0
76

දායල්-නිලංග-1-1වසරක් සදහා වෙන්කර මුදල්  කිසිදු පාලනයකින් තොරව වැය කරමින් මාධ්‍ය සංදර්ශණ පවත්මින් මාස 4 ක් ඇතුලත අවසන් කරගත් පොහොට්ටු පාලනය දැන් මතුව ඇති මුල්‍ය අර්බුදය විසදා ගැනිම සදහා බදු මුදල් වැඩිකිරිමට සැරසෙයි.
නිසි අනුමැතිකයක් සැලැස්මක් නොමැතිව සිය දේශපාලන හිතවතුන් සදහා රැකියා ලබාදිම ඉලක්ක කරගෙන ව්‍යාපෘති කම්කරුවන් 224 ක් මේ වන විට බදවා ගෙන තිබේ.
අප කළින්ද හෙළිදරව් කළ පරිදි කොච්චිකඩේ ප්‍රදේශයේ කසල ඉවත් කිරිම මහනගර සභාව විසින් කරනවා යැයි කියා ඒ සදහා කම්කරුවන් බදවාගැනිමට අවැසි යැයි පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදි ඒ සදහා කම්කරුවන් 60 දෙනෙකු බදවා ගැනිමට අවසර ලැබුණි. එහෙත් ඉන් 48 දෙනෙකු පමණක් කසල ඉවත් කිරිමේ කටයුත්තට වෙන් කර ඒ අය සදහා දැන් මාස ගණනාවක් තිස්සේ පඩි ගෙව්වද කොච්චිකඩේ නගරයෙ කුණු තවමත් අදින්නේ සෙවන් හිල්ස් නම් වු පුද්ගලික ආයතනයක් විසිනි.මේ සදහාද මාසික ලක්ෂ 17 ක පමණ මුදලක් වැයකරනු ලැබේ.
කුණු ඇදිමට යැයි කියා ලක්ෂ 100 ක් පමණ වැය කොට ට්‍රැක්ටර් 6 ක්ද මිළට ගෙන තිබුණි.
මිගමුව නගර සභාවේ ඉහත අප හෙළිදරව් කර ඇත්තේ එක්  මුදල් නාස්තියක් පමණි.
තතු මෙසේව තිබියදි දැන් මතුවෙමින් එන මුල්‍ය අර්බුදය කළමණාකාරණය කිරිම සදහා දැන් බදුවැඩිකිරිමට අද පැවැත්වෙන මහසභාවට යෝජනාවක් ඉදිරිපත්  කිරිමට නියමිතව තිබේ.