දේශපාලකයෙකුගේ උපන් දින කේක් කපන්න දරුවන් යවා ඇත්තේ මිගමුවේ කතෝලික පාසැල්වල ලොක්කෝ !

0
96

uni-st-josephsමීගමුවේ කුපක්‍රට දේශපාලන පවුලකට අයත් දේශපාලකයෙකුගේ උපන් දින සැමරුමක් සදහා මීගමුව මහනගර සභාවට පාසැල් දරු දැරියන් යවා ඇත්තේ රජයේ පාසලක් නොව කතෝලික පුද්ගලික පාසැලක් වන ශා . ජෝශප් විදුහලේ කඩොල් කැලේ පිහිටි ශාඛාව විසින් බව මීගමුවේ අධ්‍යාපන බලධාරින් විසින් පවසා සිටිති.
රජයේ පාසැලක එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැති බවද ඔවුහු අවධාරණය කර සිටිති.
අදාල දේශපාලකයා විසින් එකි පාසැලේ දැරියන් වෙත කේක් කවද්දි ඔවුන් මහත් අපසුවෙන් සහ ලැජ්ජාවෙන් සිටින බව ඉතා පැහැදිලිව ඡායාරූප සාක්ෂි විසින් දක්වා සිටි.
මේවන්  ක්‍රියාවන්ට උඩගෙඩි දෙන ඇතැම් ආගම් නායකයන් ගෙන් අපට  අසන්නට ඇත්තේ මේ දරුවන්ගේ මානව හිමිකම් ගැන කියන්නට ඇත්තේ කුමක්ද කියාය.
අපි විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිමෙන් පසු මේ කරුණ පිළිබදව මිගමුව තුලත් ඉන් පිටතත් දැන් පුළුල් සමාජ කථාබහක් මතුව තිබේ..
පාප්තුමන් විසින්  ඉතා පැහැදිලිව කියා ඇත්තේ කලු සල්ලි පල්ලියට වද්දා නොගත යුතු බවය.
එහෙත් මිගමුවේදි ඇතැම් පුජකයන් හැසිරෙන්නේ කලු සල්ලි මාෆියාකරුවන් බදා වැළද ගෙන චරිත සහතික පවා ප්‍රසිද්ධියේ ලබාදෙමිනි.
ඒ තරමට මේ ඇතැම් පුජකයන් බාල තත්වයකට පත්ව තිබේ.
පල්ලියකට පාරට තාර ටිකක් දමා මංගල්‍යයට පහසුකම් සලසා දුන් පසු එකි දේශපාලකයන් ගැන විඩියෝ ප්‍රකාශ ලබාදෙමින් කුණු හෝදන්නට තරම් මේ ඇතැමුන් දැන් නරුම වි ඇත.