පාසැල් යන දරුවන් වැඩිම මන්ත්‍රි කව්ද.??

1
106

මේ දිනවල මහනගර සභාව පොත් දන්සලක් ගානය.ඒ මන්ත්‍රිවරු තමන්ගේ කොට්ටාශ අරමුදල් වලින් ලබාගෙන ඇති මුදලින් පොත් බෙදන්නට පොරකමින් සිටින නිසාය.

මේ පොත් ලබාගන්නා දරුවන්ට වඩා මේ පොත් බෙදන නාගරික මන්ත්‍රි මාමාලා වාසනාවන්ත වි ඇත්ෙත් විවිධ හේතු නිසාය.

එකක් මේ ලක්ෂ 40 කට ආසන්න මුදලක් වැය කෙරෙන මේ පොත් ටෙන්ඩර්ය ලබාගන්නට තරම් වාසනාවන්ත වුයේ ද නාගරික මන්ත්‍රි මාමෙකි.ඔහු අයත් වන්නේ විපක්ෂයටය.

ඊළගට අපගේ අවධානය යොමු වුයේ දරුවන් වැඩියෙන්ම ඉන්න නාගරික මන්ත්‍රි මාමා කව්රුන්ද යනුවෙන් සොයන්නටය. ඒ අනව දැන් ඉදිරියෙන්ම සිටිනවා යැයි කියන්නේ නිෙයා්ජ්‍ය නගාරාධිපති සාකවුල්ලාය.ඔහු නිතිපතා පාසැල් නොගියද නියැලෙන්නේ ගුරු වෘත්තියේ නිසා මේ මාමාට දරුවන් වැඩියෙන් සිටිනවා විය හැක.ඔහු විසින් රු ලක්ෂ 8 පොත් ලබාගෙන ඇත.

මේ නගර සභාවේ ගියවර තවත් අපුරු මාමා කෙනෙකු සොයාගන්නට අප ට පුළුවන් විය. එනම් පොත් බෙදන්නට දරුවන් නැති නිසාම කඩේට පොත් විකුණා දැමු මාමෙකි.ඔහු කොතරම් ආගමට බය භක්තියෙන් කටයුතු කරන්නේදැයි කිවහොත් ලගින්නේම බෝගස් සෙවෙනෙහිය.මීගමුව නගර සභාවේ සිංහල බෞද්ධයාගේ  පැත්ත ගෙන අන් අයට චණ්ඩි පාට් දමන්නේද ඔහුය.

හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් යැයි කථාවක්ද ඇත..

මෙවර කඩවලට පොත් විකුණන මන්ත්‍රි මාමාලාගේ ලයිස්තුවද අපි ලැබුන විගස අපගේ වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කරන්නට සැදි පැහැදි සිටින බවද මීගමුවේ දුවා දරුවන් හට දන්වා සිටිනු කැමැත්තෙමු.