ජීවිත ආරක්ෂාවට ලයිෆ් ජැකට් අනිවාර්යයද??

0
565

යතුරු පැදි කරුවන්ට හට හෙල්මට් පැළදවිම අනිවාර්යය කර ඇත්තේ නිති මගිනි. ඒ කිසියම් අනතුරක් සිදුවුනොත් විය හැකි ජිවිත අවධානම අවම කරගැනිම වෙනුවෙනි.
එහෙත් ජිවිතය දිනපතා පරදුවට තබා මුහුදට යන ධීවරයන් හට මේ ලයිෆ් පැකට් අනිවාර්යය නොවේ.
මේ නිසාම පසුගිය කාලය තුල මුහුදේ සිදුවු අනතුරුවලදි ලයිෆ් ජැකට් පැලද සිටියේ නම් බේරාගතහැකිව තිබුණ ජිවිත ගණන අතිවිශාලය.
තතු එසේව තිබියදි මීගමුව නියෝජනය කරමින් පත්ව වු පළමු ධීවර ජ නියෝජ්‍ය ඇමැතිවරයා විසින් සංකේතාත්මකව ජිවිතාරක්ෂක ඇඳුම් කට්ටල ලබාදිමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා  තිබුණි.
මේ ආරක්ෂක කට්ටලය නොමැතිව මුහුදට බැසිම තහනම් යැයි කියන නිතියක් පැමිණ නැත.
කිසියම් සහානාධාර ක්‍රමයකට මේ ජිවිතආරක්ෂක ඇදුම් කට්ටල ලබා දි එය පැළදිම අනිවාර්යය කළ හැක්කේ නම් සංදර්ශනාත්මක ප්‍රචාරක විධිවලින් එහා ගිය අරුත්බර දැනුවත් විමක් සිදු කළ යුතුය.boat NGB 3boat NGB 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here