තාලයට මෙන් මහහඩින් ශබ්ද නගා කිරි කොස් ……පොලොස් යැයි කියමින් ගෙවල් ඉස්සහරින් යන හඩක් ඇසි ඒ කව්දැයි බලන්නට මම එලියට පැමිණියෙමි.
සිතු ලෙසටම ඔහු ට ඇත්තේ වෙනස්ම පෙනුමකි. කොන්ඩය කොටසක් තඹ කර ඔහුටම අවේනික අයුරකින් සකසා ඇත.
පාපැදියද ඔහුගේ කිරිකොස් පොලොස් විකිනිමේ රැකියාවට ඔබින අයුරින් ඔහු විසින් පිටුපස මෙන්ම ඉදිරි පසටද පෙට්ටි සකසා තිබුණි.ඔහුෙග් විලාසිතාවට ම කොණ්ඩය සකසා ඇති අවුරුදු 2 ක පමණ පිරිමි දරැෙවක්ද ඔහුගේ මේ සුකුරුත්තන් පාපැදියේ මතය.
”මම එන්නේ සීදුවේ ඉදන් මහත්තයෝ අද විකුණගන්න තරම් කොස් හම්බවුනේ නැ ඒ හින්ද පොඩිඑකාව දාල එන තැනට රු 200 ක් දෙන්න විදියක් නෑ.ඒ හින්ද තමයි අව්වේ උනත් අද මේ බයිසිකලේ තියාගෙන ආවේ.
මම කොස් විකුණන එකට කැමති නෑ කියල ගෑණි දාල ගියා.එදා ඉදන් මම සිදුවේ කාමරයක් අරන් දරුවත් එක්ක ඉන්නවා.”
කොස් රංජි තම රාජකාරිය අරඹන්නේ අලුයම 5 ටය.
”කලින් දවසේ සිය බයිසිකලෙන් ගිහින් කොස් එකතුකරගෙන ඇවිත් දරුවාව බලාගන්න ගෙදර ඉන්න අයට දෙනව. එයාල රැ තිස්සේ කපල ලැස්තිකරල තියෙනවා මම පහුවදා උදේ 5 ට ගිහින් දරුවවත් තියල කොස් අරන් විකුණන්න යනවා.සීදුවේ ඉදන් මීගමුවේ වටේ ගිහින් තමයි මේ එන්නේ.
මම හිතන්නේ මම විතරයි බයිසිකලයකින් කොස් විකුණන්න යන්නේ දෙල් කාරයෝ නම් ඉන්නව මම දැකල තියෙනවා ඒත් කොස්කාරයෝ නම් නෑ.”