චමිලාගේ කන්‍යාපටලයට හානි වි ඇත්තේ මරණයට සුළු මොහොතකට පෙරයි. අධිකරණයේදි හෙළිවෙයි.

1
223
සැකකාර වෛද්‍යවරයාගේ කාමරයේ තිබුන වෛද්‍යවරයාගේ විවාහයේ දෙවනි ගමන දිනයේ ගත් ජයාරූපයක්

2007 වසරේ නොවැම්බර් මාසයේ දි මීගමුව මූලික රෝහලේ 06 වන මහලෙන් ඇද වැටී රෝහලට ගෙන යමින් සිටි අවස්ථාවේදී  මිය ගිය චමිලා නමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම අද දිනයේත්  (2013 මැයි 09 වනදා )  මීගමුව මහා අධිකරණයේදී සිදුවිය.
එහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු පිළිබද දීර්ඝ කරුණු විමසීමක් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී , වෛද්‍ය ප්‍රියන්ජිත් මහතාගෙන් රජයේ  ජේෂ්ඨ නීතිඥ නවරත්න මාරසිංහ මහතා විසින් සිදුකරන ලදී.
එහිදී එම වාර්තා වල සදහන් වූ වෛද්‍යමය හේතු අනුව මෙම මරණයට පත්වූ කාන්තාවගේ ශරීරයේ තිබූ තුවාල සහ සීරීම් අනුව ඇයගේ මරණය සිදුවූ ආකාරය පිලිබදව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විමසා සිටින ලදී.
ලේ ගැලීම් සහ කම්පනය, ගෙල මිරිකීම , සහ හිස තදින් වැදීම. යන හේතු එහි ප්‍රධාන කරුණු ලෙසින් අද දින අධිකරණයේදි ඔහුගේ පිලිතුරු ප්‍රකාශ  වල සදහන්   විය.
මේ ඔස්සේ දිර්ඝ කරුණු දැක්විමක නිරතවු අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියන්ජිත් මහතා
මිය ගිය චමිලා මෙනවියගේ යෝනි මාර්ගයේ බිත්තියේ තැලීමක් ඇති බවට කර තිබු  සදහන  වෛද්‍ය විද්‍යාත්මකව තවදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.
…..”.මරණයට පත්වෙන්න ඉතාමත් ආසන්න කාලයක් තුළදී ඇතිවූ තුවාල බව කිව හැකියි. මරණ පරීක්ෂණය සිදුවන අවස්ථාවේදීත් ඇගේ යෝනි මාර්ගයෙන් උණූසුම් ලේ ගලා යමින් තිබුණා. දිගු වූ පුරුෂ ලිංගයක් හෝ ඊට අනුරෑප දෙයක් ඇතුල් කිරීමේදී සිදුවිය හැකි තුවාල බවට මේවා පිළිගත හැකියි..
මෙහිදී රජයේ නීතිඥවරයා විසින් නැවත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරමින් අසා සිටියේ තවත් ආකාර දෙකකට යෝනි මාර්ගයේ තුල තුවාලහෝ සීරීම්  ඇතිවිය හැකි ද යන්නයි.
එනම් යෝනි මාර්ගයට තවත් දෙයක් මතට වැටීමෙන් හා ඇගිල්ලක් ඇතුල් කළ විට සිදුවිය හැකි තුවාල හා සමාන කළ හැකි ද  යන්නයි
.
එයට පිලිතුරු  දුන් වෛද්‍යවරයා පවසා සිටියේ එසේ වූවානම් එම සථානය පමණක් නොව ඒ අවටත් තුවාල සිදුවිය යුතුයි
. ඒවා දැකිමට හැකිව තිබිය යුතුයි.  පුරුෂ ලිංගයක් සහ ඇගිල්ලක් ඇතුළත් කරද්දී ලිංගේන්ද්‍රයේ ඇතිවිය හැකි තුවාල වෙනස් බව ඔහු පවසන ලදී.
අද දිනයේ තහවුරු වු විද්‍යාත්මක ගොනු කිරිම් වලදි හෙළිව තිබුනේ පුද්ගලයෙකු අතින් චමිලා දූෂණයට ලක්විම හේතුවෙන් පමණක්  ඇගේ යෝනි මේකලාවට   හානි සිදුව තිබුන බවයි.   එතෙක් ඇය කන්‍යාවක් බවත් කන්‍යා පටලයට හානිවී තිබූ බවටත්   රස පරික්ෂණ වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තා වේ  අනෙක් කරුණු සැලකිල්ලට ගැනිමේදි  නිගමනය කළ හැකි  බවට  සාක්ෂි ඉදිරිපත්  ඉදිරිත් විය.  ඇයට ලිංගික එක්විම් සම්බන්ධයෙන් පෙර අත්දැකිම් තිබුන බව නිගමනය කිරිම අසිරු බවද අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් සදහන් කරන ලදි.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නිතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ ජේෂ්ඨ නිතිඥ තිසිර මැලව්වෙතන්ති යන මහතුන් පෙනි සිටි අතර සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් ජේෂ්ඨ නිතිඥ අනුජ ප්‍රේමරත්න නිතිඥ තනුජා හතරුසිංහ මහත්මිය සහ ජේෂ්ඨ නිතිඥ ශ්‍රිලාල් ප්‍රනාන්දු යන අයවලුන් පෙනි සිටින ලදි.නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිම රජයේ ජේෂඨ නිතිඥ නවරත්න මාරසිංහ මහතා සහ රජයේ නිතිඥ අසේල සේරසිංහ යන මහතුන්ය.මෙම ඝාතනයේ සැකකරු වු මීගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙකුව සිටි සුදර්ශන බලාගේ නැමැත්තා ව ඊළග නඩු දිනය තෙක් යළිත් බන්ධනාගාරගත කෙරුණි.
මහාධිකරණ විනිසුරු එම් .ඒ ගපුර් මහතා යටතේ විභාගයට ගැනුණු මෙම නඩුවේ ඊළග වාරය 2013 මැයි මස 13 වනදා යෙදි ඇත.

සබැඳි පුවත්

http://www.meepura.com/?s=chamila

http://www.meepura.com/news/

1 COMMENT

Comments are closed.