පිය පුතු ජිවිත බිළිගත් දුම්වැටිය…

0
91

කිඹුලාපිටියේ ගල්මංකඩ ප්‍රදේශයේ සැමට ඊයේ රාත්‍රිය බියකරු ශෝකජනක එකක් විය.
ගින්දර සමගින් තම ජිවිතය නිබදව ගෙවන බහුතරයක් වෙසෙන කිඹුලාපිටිය ගම්වැසියන්ගේ ජිවන මාර්ගය සැකසි තිබුනේ ගිණිකෙළිත් සමගින්ය.
රටටම සද්දේ දෙන්නට ගිනිකෙළි නිපදවන මේ අයගේ ජිවිත කිසිවක් දුම්වැටියක් නිසා අඟුරු මෙන් පිළිස්සි යාවි යැයි මේ ගමේ කිසිවෙකුත් කිසිදිනකත් සිතන්නට නැත.
එහෙත් මේ සියල්ලෝ සිහිනයකින් පවා නොසිතු ඛෙදවාචකයක් ඊයේ රාත්‍රියේදි  සිදුව තිබුණි.
පවුලේ දරුවන් දෙදෙනා කාමර දෙකක ඇදන් මත නිදි සුව විදිද්දි මවත් පියාත් රූපවාහිනිය නරඹමින් සිට ඇත.
පියා විසින් කාන්සියට මෙන්  දල්වාගත්   දුම්වැටියේ කොටය විසිවි වැටි තිබුනේ නිවසේ  ගබඩා කර තිබු ගිණි කෙලි නිපයුම් අතරටය.
නිවසම ගිනි ජාලාවක් වන්නට ගොස් තිබුනේ තප්පර ගණනකි.
දියණිය වහා ඉවත් කරගත් පියා මවටත් දියණිටත් වහා නිවසින් ඉවත් වන්නට කියා පැතිරෙන ගිනිදැල් මැදින් පැන තිබුනේ ඒ වන විටත් ගිණි ඇවිලෙමින් තිබුන සිය පුුතු බේරාගැනිමටය.
බුර බුරා නැගෙන ගිනිදැල් පරයා නැගුණු දරුපෙමින් ගිනිජාලව මැදට පැන්නද  ගිනිදැල් මැද සිටි සිය පුතු බේරාගැනිමට මේ පියාට නොහැකි විය.
බුර බුරා නැගුණ ගින්නකට පවා නවතාලිය නොහැකි වු දරුපෙමක් පිළිබද සදාකාලික මතකයක් සැම අතරේ රදවා මේ දෙදෙනාම අවසන් ගමන් ගොස් තිබුණේ එකිනෙකා වැලදගෙනය.
ගම්වාසින් එක්ව මිනිත්තු කිපයකදි ගින්න නිවාදමා තිබුණි.
එහෙත් ඒ වන විටත් ඔවුන්ට ඉතිරිව තිබුනේ අනාරක්ෂිත බවේ වන්දියක තරම සහ කිසිදා නොමියෙන පියපුතු සෙනහසක තරමය.
වටවලආරච්චිගේ දිනේශ් 29 හැවිරිදිය.ඔහු ගුවන් තොටුපලේ කුළි රථ රියදුරෙකි.8 හැවිරිදි අශාන් දිනුක මීගමුව ශා.පිතර විදුහලේ ඉගෙනුම ලබමින් සිටියේය.
මෙම බියකරු ඛේදවාචකයෙන් දිවි බේරාගත් මව සුමුදු මේනකා සිය තෙවනි දරුප්‍රසුතිය බලාපොරොත්තුවෙන් සිටින්නියක වුවාය.ඔවුනගේ දියණිය සිව් හැවිරිදිය.
galmankada 2galmankada 3galmankada 1