අක්කර පනහේ ඩෙංගු වසංගත තත්වයක් ! දින10ක් තුල 2 වන මරණයත් වාර්ථා වෙයි!

0
68

denguඅක්කර පනහ ,සමෘද්ධිගම,කඳසුරිදුගම ප්‍රදේශවල ඩෙංගු සීග්‍රයෙන් පැතිර යමින් වසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
දින 10 ක් දෙවන මරණයත් මේ අනුව වාර්ථා වි තිබේ.
මේ ප්‍රදේශයේ පළමු මරණය ලෙස වාර්ථා වුයේ කටුනායක රෝමාණු කතෝලික විදුහලේ විදුහල්පතිණියගේ වියෝවයි.
ඒ දිනවලම ඇගේ දියණියද රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියාය.
මේ අතර ඩෙංගු වැළදීමෙන්  හරිස්චන්ද්‍ර විදුහලේ ඉගෙනුම ලබන කුඩා දි්‍යණියක අද දිනයේ ජිවිතයෙන් සමුගෙන තිබේ.
මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකයේ  දින 10 ක කාලය තුල සිදුව තිබුන 2 වන මරණය ලෙසින් මෙය දැන් වාර්ථාවලට එක් වෙමින් තිබේ.
සැබැවින්ම මෙය අතිශය භායනක තත්වයකි.
එනම් අක්කර පනහ ප්‍රදේශය පුරාවට වසංගත තත්වයක් ලෙසින් ඩෙංගු පැතිර යාමය.
අනික් බරපතලම කරුණ වන්නේ ඩෙංගු රෝගින්ගේ ජිවිත ආරක්ෂාව පතා විශාල මුදලක් වැය කරමින් ඉදිකරන්නට යෙදුන විශේෂ ඩෙංගු ඒකකයේ දෙවන මරණයත්  ලග ලගම වාර්ථා විමය.
එමණක් නොව මේ වන විට මීගමුව  රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා ඩෙංගු රෝගයට ගොදුරුව ඇතැයිද සැලය.