අක්කර 8 ක කඩොලාන කපා විනාශ කළ පාලකයන් මිගමුව හරිත නගරයක් කරනවලු !

0
211

(9.15 am ) මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.කඩොල්-කැ
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ ශ්‍රිලනිප නාගරික මන්තින් වන බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන මන්ත්‍රින් දෙදෙනාය.
ඒ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.
එහෙත්  කඩොල් විනාශය කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
දැන් මේ දෙදෛනාම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පැරදුනු ලැයිස්තුවේය.තතු මෙසේව තිබියදි දැන් නිමල් ලංසා නින්දෙන් ඇහැරුණාක් මෙන් මිගමුව හරිත නගරයක් කිරිමට තමන් කැප වෙන යැයි පවසා මිගමුවේ ජනයාට විහිළු සපයමින් සිටින අතරේ නිමල් ලංසලා විසින් මිගමුවේ පරිසරයට කරන ලද විනාශය ගැන මොලෝ මල බෝලයක් නොදන්නා ඇතැම් බෝතල් පත්තරකාරයන් මේවා උඩ දමමින් තොරම්බ්ල් කරමින් සිටිති.
මෙය මිගමුවේ ඇති සැබෑ අභාග්‍යයයි.

එදා  කඩොල් කැපිමට එරෙහිව මිපුර පුවත්පතේ අපි තනි සටනන් ගෙනගියෙමු.අපට එරෙහිව දැවැන්ත විරෝධයක් නිමල් ලංසා ඇතුළු නාගරික මන්ත්‍රි මණ්ඩලය නගර සභාව තුලත් ඉන් පිටතතදිත් එල්ලකොට තිබුණි.
එදා මීගමුව මහනගර සභාව තුල මෙයට එරෙහිව බරපතල ලෙසින් මැදිහත්වුයේ විපක්ෂ නායක රොයිස් විජිත පමණි.
දෛවයේ සරදමක් සේ අද කඩොල් උයන කොට්ටාශයට මෙවර තරග වැදුනේද ඔහුය.ඔහුට එරෙහි ලංසා පිලෙන් තරග වැදුනේ ඒදා නිමල් ලංසාලා කඩොල් කපද්දි ඊට විරුද්ධව අප එක්ව කටයුතු කළ රමේශ් නැමැත්තෙකි.ඇත.කඩොලාන ප්‍රශ්ණය අරභයා මේ සියල්ල ඇත්තටම දෛවයේ සරදම් වැනිය.එදා කඩොල් අක්කර 08 ක් කැපු නිමල් ලංසා අද මීගමුව පිවිතුරු නගරයක් කරනවා යැයි කිමම මේ සියල්ලටම දෙවෙනි නොවේ.

.මෙහිදි සදහන් කළ යුතුම තවත් කරුණක් වේ.
එනම් මිගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වන හර්මන් කුරේරා එදා කඩොලාන විනාශය සාධාරණි කරණය කළ අන්දමය.
එදා ඔහු පවසා තිබුනේ මෙහි ඇත්තේ කඩොලාන නොව මණ්ඩා බවය.

මණ්ඩා යනු කඩොලාන විශේෂයක් වන බව මේ දේශපාලකයා නොදන්නවා වන්නට බැරි නැත. හේතුව ඔහු ජිවත්වන්නේද කඩොලාන කලාපයකය.හු
තතු එසේ වුවද අද හර්මන් කුරේරාද මිගමුව හරිත පුරයක් කිරිම සදහා ලංසා පාලනයේ කරේ අත දාගෙන ඇත.
මිගමුව පිවිතුරු හරිත පුරයක් කරන්නට යන්න සියල්ලෝම මිගමුව නගරයේ හදවත බදු වු කඩොලාන අක්කර 8 ක් විනාශ කළ වුන් විම දෛවයේ කිනම් සරදමක්ද ????