අක්‍රමවත් බහුකාර්්‍ය ගොඩනැගිල්ල

0
202
බහුකාර්්‍ය සේවා පියස

????????????????????????????????????

(11.15am)
මීගමුව , දළුපත ,   බදුවත්ත  නම්වූ  ප්‍රදේශයේ  ඉදිකරනලද  ගොඩනැඟිල්ල  හඳුන්වනුයේ  බහුකාර්්‍ය  සේවා  පියස  නමිනි.අංශ  කිහිපයක  එනම්  ග්‍රාමනිලධාරී ,  පවුල්  සෞඛ්‍ය සේවිකා,  සමෘද්ධි  නිලධාරි  යන  නිලධාරීන්ට  අවශ්‍ය  කාර්්‍යාල  පහසුකම්  සහ  සෞඛ්‍ය  සායන,  සමෘද්ධි  සමීති  රැස්වීම්  යන ජනතා  අවශ්‍යතා  අරමුණු  කරගනිමින්  ගොඩනඟා ඇති  මෙම  ගොඩනැඟිල්ල  කලින්  තිබුණු  ගොඩනැගිල්ලට   සාපේක්ෂව  පහසුවක්  ඇති  නමුත්  විශාල  වියදමක්  දරා  නිර්මාණය  කළ  එකක්  වන නිසා  ඊට  සාපේක්ෂව  අපහසුකම්  රාශියකින්  යුක්ත  බව  පැහැදිළිවේ. සායන  සදහා  අළුතින්  කොටසක්  ගෙන  ඇති  අතර  මෙහි  කෙරෙන කටයුතු  සහ  ග්‍රාමනිලධාරි  හමුවන  අවස්ථාවලදී  පෝලමට  සිටින  අවස්ථා,  ඒ  මැදින්  යනඑන  අවස්ථා වලදී  විවිධ  අපහසුතා  වලට  මුහුණදෙන බව  ජනතාව  පවසයි.මෙම  ප්‍රශ්ණය  තදින්  දැනෙන්නේ  පහළ  කාමරයක  සිටින  අංක 72/Aග්‍රාමනිලධාරි  තුමියටයි. අංක 72  ග්‍රාම නිලධාරී මහතා සඳහා  කාමරයක්  නැත. ඔහු  සහ  සමෘද්ධි නිලධාරි මහතා  එක කාමරයක සිට  තම  කටයුතු  කරගෙන  යයි.  ඒ  ඉහළ  ඇති  කාමර  3න්  එකකය. එහි  මැද  කාමරය  කැසිවක්  සදහා  තවමත්  යෝජනාවී  නැති අතර  අනෙක්  කාමරයේ  පවුල්  සෞඛ්‍ය සේවිකා පද්මිණී  මහත්මිය  රාජකාරි  වැඩ  කරගෙන  යයි.මෙම  තත්වය  නිසා  ඔවුන්ට  නිසිලෙස   කරගෙනයාමේ  අපහසුතාවයක්  පවතින  බව  ආරංචිවේ. වැසිකිළි  8ක්  පමණ  ඇති  නමුත්  ඒවා  තිබෙන්නේ  ක්‍රමවත්  ආකාරයකට  නොවනබව  ප්‍රදේශවාසීන්  පවසයි.  අප  මේ  කරුණු  සදහන්  කරන්නේ  හිතළු  ගෙස  නොව  ජනතාවගේ  සැබෑ  අත්දැකීම්  පදනම්කරගෙනය.  බලධාරීන්ගේ  සැලසුමක්  නැති ගොඩනැගිලි  ව්‍යාපෘති  නිසා  අපහසුතාවයට  පත්වන්නේ  අසරණ  ජනතාවය. මෙවැනි  උදාහරණ  ඕනෑතරම්  මීගමු  නගරයේ  දක්නට  ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here