අකුණක් සමගම අහසින් විශාල කලුතෙල් ගුලියක් වැටිලා !

0
431

අකුඅකුණ

කොස්වත්ත පොලිසිය ඉදිරිපිට නිවසක් අසල මහහඩකින් පිපිරීගිය අකුණක් සමගම ඉහළ අහසින් විශාල කලුතෙල් ගුලියක් බිමට පහත්වී එය පුපුරායාමේ ඉතාම දුර්ලභ සිද්ධියක් වාර්තාවේ-
මේ මස 20 වන දින පස්වරු 03-00 ට පමණ ඇතිවූ ධාරානිපාත වර්ෂාවත් සමගම කොස්වත්ත ගමම දෙවනත් කරමින් අකුණක් ගසා ඇති අතර එම අවස්ථාවේදී මෙම නිවස අභියස අහසින් පහත්වී ඇති විශාල කලුතෙල් ගුලියක් මහ හඩකින් පුපුරායමින් එම නිවස අභියස ඉඩමපුරා විශාල පෙ‍දෙසකට කලුපැහැති තෙල් විශේෂයක් විසිරී යන අන්දම තමන් සියැසින් දුටු බව එම නිවෙස්හිමි කාන්තාව මාධ්‍යයට පැවසුවාය-
හලා/කොස්වත්ත පොලිස් ස්ථානය අභියස පිහිටි අංක 57 කොස්වත්ත ලිපිනයේ පදිංචි එච්-පී-නිහල් පතිරන්ත මහතාගේ නිවස අසල මෙම පිපිරීම සිදුව ඇති අතර ඔහුගේ බිරිද වන අශෝකා රංජනී මහත්මිය විසින් කොස්වත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරින්ද පැමිණ එම ස්ථානය පරික්ෂාවට ලක් කර තිබේ-මෙම කලුපැහැති තෙල් විශේෂයෙන් කොටසක් බෝතලයකට ගෙන පරීක්ෂණ කටයුතු සදහා පොලිසියට බාරදී ඇති බවද නිවැසියෝ කියති-
මේ සම්බන්ධව එම නිවෙස්හිමි අශෝකා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය-
හරියටම 20 වන දින සවස තද වැස්සක් ඇතිවුනා- මම නිවස අසල සිට අහසදෙස බලා සිටියදී එක්වරම මහා හඩක්දී අකුණක් ගැසුවා-ඒ සමගම මම දැක්කා ඉහල අහසින් විශාල ගුලියක්වැනි දෙයක් පාවෙමින් ඇවිත් අප නිවස අභියස පුපුරා යන බව-මොහොතකින් නිවස අභියස මුලු ප්‍රදේශයම කලුපැහැති තෙල්වැනි දෙයකින් වැසීගියා-මම වහා ගොස් නිවස අසලම ඇති කොස්වත්ත පොලිසියේ නිලධාරින්වද දැනුවත් කලා-ගම්වාසින් විශාල පිරිසක් පැමිණි අතර මෙම තෙල් විශේෂය කුමක්දැයි සොයාගත නොහැකි හෙයින් පුංචි බෝතලයකට ගෙන ඉදිරි කටයුතු සදහා පොලිසියට ඉදිරිපත් කලා-
මෙවැනි සිද්ධියක් මින්පෙර කිසිවකු දැක හෝ අසා නොමැති හෙයින් පරීක්ෂණ කටයුතු සදහා ඊට අදාල වගකිවයුත්තන් විගස අදාල ස්ථානයට ගෙන්වීමට කොස්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකාද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරින් පියවර ගෙන තිබේ-
දිණමිණ