අකුණ ගහනකොට රවුටරය ගලවන්න බැරිවුන නිසා සිදුවු විනාශය

0
293

අකුණු කුනාටු භයානකයි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න….

IMG-20201114-WA0018IMG-20201114-WA0019IMG-20201114-WA0024IMG-20201114-WA0023IMG-20201114-WA0020මේ දිනවල සවස් යාමයේ ඇතිවන තද වැසි සහ පොලොවට පතිත වන අකුණු ඉතා භයානක තත්වයේ පවතින බව පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලින් ආරංචි වන තොරතොරු අනුව පැහැදිළිවේ.

ඊයේත් (13 දා) සවස් භාගයේ මහ වැසිත් සමඟ ඇතිවූ අකුණු නිසා නිවාස ගනනාවක විදුලි උපකරණ ආදියට දැඩි අලාභ සිදුවී ඇත. විශේෂයෙන් දළුපත , සෙල්ලකන්ද පාර සහ පිල්ලෑව පාර ප්‍රදේශයට මෙකී අකුණු තත්වය දැඩිලෙස බලපා ඇති බව පෙනෙන්නට තිබින.
මේ ගැන අප සමඟ අදහස් දැක්වූ මහත්මයෙකු කළ ප්‍රකාශයකට අනුව පැහැදිළි වූයේ විදුලි උපකරණ විසන්දි කළ නමුත් , තමන්ගේ පරිඝනකයට සම්බන්ධවන ස්ථානය ගැන අමතක වූ හෙයින් ලොකු විනාශයක් එමගින් සිදුවූ බවයි. මේ අනුව නිවසේ විදුලි උපකරණ රාසියකට හානි සිදුවී ඇත.
එබැවින්, මේ දිනවල ඉතා භයානක අන්දමින් මෙම අකුණු කුනාටු ක්‍රියාත්මක වීම ගැන අවධානයෙන් සිට තමන්ගේ ආරක්ෂාව සකසා ගන්නා මෙන් සියළු ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.