අගමැති ජනපති ඊයේ රැ හමුවුණාද ?

0
69

ranil siri .jpg
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධ වීමේ තීරණයට එළඹීමෙන් අනතුරුව මේ වන විට තීරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම සාමාජිකයන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ය.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම යහපාලනය බලයට ගෙන ඒමට මුල් වී ක්‍රියා කළ සියලුම දෙනාගේ ජයග්‍රහණයක් වන මෙය සැමරීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනපතිට සහ අගමැතිවරයාට ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් සුදානම් කෙරුණ බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.
ඒ අනුව යමින් තවත් වෙබ් අඩවි ගණනාවක් මේ පුවත පළකොට තිබුන අයුරු නිරික්ෂණය ලක්විය.
එහෙත් මේ පුවත ගැන ශ්‍රිලනිපය විසින් පුවත් පත් සාකච්ජාවක් කැදවා පැහැදිලි කිරිමට නියමිත බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය අද පෙරවරුවේ වාර්ථා කොට  තිබේ.