අගමැති මාලදිවයිනට ! අළුත් ගිවිසුම් 4 ක් !

0
72

FB_IMG_1567470330793ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 2 වනදා දින මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා පිටත්විය. අග්‍රාමාත්‍යවරයා මෙම තුන් දින නිල සංචාරයෙහි යෙදෙන්නේ මාලදිවයින් ජනරජයේ ජනධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සාලි මහතාගේ ආරාධනයකට අනුවය.

මෙම සංචාරයේදී වීසා පහසුකම් ලබා දීම, සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් 4ක් ද අත්සන් කිරීමට නියමිතය.

සැප්තැම්බර් 3 සහ 4 දිනයන්හි මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හි පැවැත්වෙන ඉන්දියා සාගර සමුළුවෙහි සභාපතිත්වයද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරනු ඇත. මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනයන් පිළිබඳ එස්. රාජරත්නම් පාසල සමග එක්ව මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ඉන්දියා පදනම විසිනි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙම නිල සංචාරය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here