අගෝස්තු 21 සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාවක්

0
560

706822main_20121113-totaleclipse-orig_full

එලඹෙන අගෝස්තු 21වනදින සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමේ හැකියාව පෘථීවි වාසීන්ට ලැබෙන බව මෙරට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. 1955 වසරෙන් පසු සම්පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවන ප්‍රම අවස්ථාව මෙය බවයි වාර්ථා වන්නේ.

උතුරු ඇමරිකානු රටවල් වලට මෙය පූර්ණ සූර්‍යග්‍රහණයක් වශයෙන් දිස්වෙන අතර,බටහිර යුරෝපය,උතුරු – නැගෙනහිර ආසියාව,දකුණු ඇමරිකාව හා උතුරු –  බටහිර අප්‍රිකාව යන ප්‍රදේශවල වැසියන්ට මෙය දිස්වන්ෙන් අර්ධ සූර්‍යග්‍රහණයක් ලෙසෙනුයි.
සූර්‍යග්‍රහණයක් ඇති වන්නේ පෘථීවිය හා සූර්යයා අතරින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා චන්ද්‍රයාගේ ඡායාවෙන් සූර්යයා වැසී යාම හේතුවෙනුයි. එලෙසම තවත් සූර්‍යග්‍රහණයක් 2019 වසරේ ජුලි 2වනදා ඇතිවීමට නියමිත බවත් වාර්ථා වන අතර  එම සූර්‍යග්‍රහනය පූර්ණ සූර්‍යග්‍රහනයක් වශයෙන් දිස්වන්නේ දකුණු ඇමරිකානු රටවල් වලට පමණක් බවයි සදහන් වන්නේ.

නමුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසන පරිදි ශ්‍රී ලංකා වාසීන්ට දැකගතහැකි වන වළයාකාර සූර්‍යග්‍රහණයක් 2019 වසරේ දෙසැම්බර් 26 වනදා ඇති වීමට නියමිතයි.

index

screenshot_orig

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here