අඟුලු දැලේ පාඩම !

0
313

Agulu egg1මේ දිනවල මුහුදු වාරකන් .ඒ කියන්නේ සැරයි.ඒ හින්ද තෙප්ප්ම් රැකියා කරුවෝ තෙප්පමේ මුහුදු යන්නේ ඉතාමත් කලාතුරකින් .
නමුත් වැල්ලිවිදියෙ තෙප්පම් ධිවරයෝ දෙන්නෙක් ඊයේ තෙප්පමේ මුහුදු ගිහින් තිබුණා. ඒ අඟුලු මාළු අල්ලන්න.
ඒක හරි අපුරු කථාවක් .
එයාල මේ හදල තියෙන දැලට අහුවෙන්නේ අ ඟුළු මාලුවෝ විතරමයි.මොකක් හරි විශේෂ ක්‍රමයකට තමයි ඒක හදල තියෙන්නේ .ඉදල හිටල කකුළුවෝ එකෙක් දෙන්නෙක් අහුවෙලා තිබුණාමේකට අහුවෙන අඟුලුවන්ගේ විෂ කටු පරිස්සමට අඩුවකින් කඩල තමයි මාළු කුඩේට දාගන්නේ .
තවත් එකක්. අඟුලු බිත්තර කියන්නේ රස කෑමක් .ඒ අහුවෙලා උන්න අඟුලුවන්ගේ බිත්තර පිරිල.ඒ බිත්තර ටික ධිවරයෝ ගන්නේ අඟුලුවාගේ කට පලල් කරල.එතතොට බිත්තර ටික වැටෙනවා .ධිවරයෝ කියන්නේ උන් බිත්තර කටේ තියාගෙන ඉන්නව කියල
හැබැයි මේ අඟුලු මාළු ඔක්කොම ඉතින් කරවල වලට .