අජිත්.පි.පෙරේරා ඇතුළු හිටපු එජාප මන්ත්‍රින් 09 ක් පක්ෂයෙන් නෙරපා හැරේ …

0
99

ajith pඑක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ දිනයේදී සිය පක්ෂයෙන් නෙරපා හරින ලද සාමාජියින් 54 දෙනා අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සිටින බව වාර්තා වේ.

අජිත් පී. පෙරේරා, තුෂාර ඉදුනිල්, සරත් ෆොන්සේකා, රන්ජන් රාමණායක, නලින් බණ්ඩාර, වඩිවේල් සුරේෂ්, සුජීව සේනසිංහ, නිරෝෂන් පාදුක්ක සහ අශෝක් අබේසිංහ එම පිරිස අතර වේ.

ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, එස්.එම්.මරික්කාර් සහ අජිත් මාන්නප්පෙරුම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවද සැලය.