අඩුකළ භුමිතෙල් මිළට මීගමුවත් එකඟයි ! දින 5 කට පසු අද මුහුදට !

0
127

oil protest 4(9.30 am ) රජය භුමිතෙල් මිළ වැඩිකිරිමත් සමගින් මීගමුවේ ධිවරයෝ ඊට විරෝධය පළකරමින් පසුගිය සිකුරාදා සිට මුහුදු යෑමෙන් වැලකි සිය මාළු අලෙවි කරන ලෙල්ලමද වසා දමා තිබුණි.
වැල්ලිවිදිය කේන්ද්‍රකොට ගත් කුඩා බෝට්ටු හිමියෝ මේ අරගලයේදි පෙරමුණ ගෙන සිටියහ.
රජය විසින් ඊයේ කැබිනට් තින්දුවක් ගනිමින් භූමිතෙල් මිළ ලිටරයක් රු 31 කින් අඩුකරමින් රු 70 කට ලබාදිමට පියවර ගෙන තිබුණි.
මේ තින්දුවත් සමගින් දින 5 ක් මුහුදු නොගිය ධිවරයෝ අද මුහුදු ගොස් ඇත.