(11.15am) මීගමුව රෝහලේ පවිත්ර සඳහා යොදවා ඇති මිනිස්සු තම කාලයෙන් විශාල ප්රමාණයක් සේවය සඳහා කැපකළද ජීවත්වීම සඳහා ඔවුන් ලබන වැටුප ප්රමාණවත් ද යන ගැටළුව මීට පෙරද අපි මතුකළෙමු. සේවකයෙකුට නියමිත අවම වැටුප පිළිබඳව මීගමුව කම්කරු කොමසාරිස්වරයාගෙන් විමසූ විට ඔහු ප්රකාශ කළේ එය මාසිකව රු. 13500 ක් බවයි. මේ අනුව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේ දිනකට රු. 600 ක් නම් නියමිත වැටුපට අදාළ වන නමුත් එය රු500 ක් නම් වරදි සහගත ගෙවීමක් බවයි.
මීට පෙර අප කළ විමසීමකදී රුග 500 වැටුපට සේවය කරන අය සිටි බව පෙනින. එමෙන්ම ඔවුන්ට වැටුප් වාර්තා නොලැබුනු බවත් ඒ පිළිබඳව කම්කරු කාර්යාලයට දැනුම් දී ඇතිබවත් සඳහන් කෙරින. මොවුන් තමන්ගේ සුළු වැටුප පවා රැක ගැනීමට උත්සාහ කරන බැවින් තමන්ගේ දුක කිසිවෙකුට පවසන්නේ නැතග මේ පිළිබඳව රෝහල් කමිටුව හෝ රෝහල් අධ්යක්ෂකවරයා විසින් සොයාබලා කටයුතු කරන්නේ නම් එය ඔබගේ වගකීමක් සේම මේ මිනිසුන් වෙනුවෙන් කරන යුතුකමක්ද වනු ඇත.