පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා අද අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී ය.
ඒ නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් අද නිකුත් කළ වරෙන්තුවකට අනුවයි.
ඔහුව අත්අඩංගුවට ගැනිමට පොලිසිය පැමිණ සිටියදි තමන් අත්අඩංගුවට පත්විමට සුදානම් වන ආකාරය දැක්වෙන විඩියෝවක්ද ඔහු විසින් සිය සමාජ ජාල පිටුව ඔස්සේ ප්රචාර කර තිබුණි.
කවදත් වෙනත් අරගලය මාවතක් තෝරාගෙන සිටි රංජන්ගේ මේ විඩියෝවද එහි අන්තර්ගතයද විසින් තියුණු ලෙසින් උපහාසයට ලක්කොට ඇත්තේ ජනපති ගෝඨාබය විසින් ජෙන්ජ් කරනවා යැයි කි මේ සිස්ටම් එකමය.