අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ ඉහල දැමිම ගැන තීරණය අද ?

0
90

කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ .

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24)පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය .

ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ,ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ගණන් වැඩි කරන ලෙස ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත .

කිරිපිටි සහ සිමෙන්ති මිල ඉහළ නොදැනීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි සහ සිමෙන්ති හිඟයක් මාසයක පමණ කාලයක් තිස්සේ පවතී