අත්‍යවශ්‍ය භාණ්ඩ 47ක් මත පනවා තිබූ බදු ඉවත් කිරීමට තීරණයක්.

0
91

indexපාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් සීනී,සහල්,අල,ලොකු ළූණු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ 47ක් මත පනවා තිබූ බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්ථා වන ඒවෙනුවට විශේෂ භාණ්ඩ බද්දක් සකස් කිරීමටත් අවදානය යොමුවී තිබෙනවා. මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය සදුදා දිනයේදී රැස්වූ ජීවන වියදම පිළිබද කැබිනට් අනුකම්ටුවේදීයි.

එලෙසම ජනාධිපතිතුමන් ඉල්ලීමකට අනුව නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල පවුල් වෙත ඉදිරි මාස දෙකක කාලයක් පුරාවටම රු.5000ක වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මල්ලක් ලබාදීමටත් රජය තීරණයක් ගෙන ඇතැයි වාර්ථා වනවා. එලඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා ආනයනික සහල් මත පනවා තිබූ රු.5ක බද්ද සත 25ක් දක්වා අඩු කිරීමටත්,තෙත මාළු කිලොවක් වෙත පනවා තිබූ බද්ධ රු.50කින් අඩු කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

එලෙසම කුකුල් කර්මාන්තයේදී භාවිතයට ගැනෙන බඩඉරිගු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ධ ඉවත් කර කිලෝ එකක් සදහා රු.10ක බද්දක් පැණවීමට මෙන්ම ආනයනික කිරිපිටි කිලෝවක් මත පනවා තිබූ සෙස් බද්ද රු.10කින් අඩු කිරීම හා තිරිගු කිලෝවක් මත පනවා තිබූ බද්ද රු.9 – රු.6ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමත් තීරණය වී තිබෙනවා.