අතිරේක ලයිස්තු පත්කිරිම් කිරිම් නිසා මිගමු පොහොට්ටුව යලිත් අවුල්?

0
49

nimal and sarath Gඅතිරේක ලයිස්තුවෙන් අපේක්ෂකයන් තේරිමට ආදාලව යළිත් අර්බුදයක් මතුව තිබේ.පොහොට්ටුට හිමි අතිරේක මන්ත්‍රි ලයිස්තුවේ 9 දෙනාගෙන් 7 දෙනෙකු කාන්තාවන් විය යුතුය.
ඒ අනුව ඉඩ ඇත්තේ පිරිමි අපේක්ෂකයන් දෙදෙනෙකුට පමණි.
මේ දෙදෙනාගෙන් එක් අයෙක් කෙසේ හෝ සරත් ගුණරත්න පිළෙන් පත්කරගැනිමේ අවශ්‍යතාවය බරපතලවම සරත් ගුණරත්නට  තිබුණද ඒ අවස්ථාව දැන් අහිමි යමින් තිබේ.
ඒ නිමල් ලංසා පිළේ ජිවංග මිරැන්ඩුව පත්කිරිමට නිමල් ලංසා කටයුතු කර තිබේ.
අනික් අපේක්ෂකයා ලෙසින් බනිපෙ තරග කළ අයෙක් වෙත ලබාදිමට සිදුව තිබේ.
මේ අනුව සරත් ගුණරත්නට බහුදින යාත්‍රා හිමිකරුවෙන්ගේ ජුඩ් ප්‍රනාන්දුව හෝ හිටපු නාගරික ම්න්ත්‍රිවරයෙකු වන බන්දුල නාඔටුන්නව ඇතුළුට දාගැනිම දැන් නොහැකි වි තිබේ.
මේ අතර පොහොට්ටුවට හිමි කාන්තා අපේක්ෂිකාවන්ගෙන් 7 දෙනාගෙන් 2 දෙදෙනෙකු තලාහේන පේරුවෙන් සරත් ගුණරත්නගේ අභිමතය පරිදි පත්කිරිමට නියමිතය.
මේ නිසා සරත් පිළේ  කිසිදු අපෙක්ෂකයෙකු මෙවර මීගමුව නගර සභාව නියෝජනය කිරිමට ඉඩක් ලැබි නැති සෙයක් පෙනේ.
මේ අය අතර බන්දුල නාඔටුන්න සහ හර්මන් කුරේරා  කැපි පෙනේ.
අප විසින්ද මුලින් කියා සිටි පරිදි නිමල් ලංසා පිළේ සැලැස්ම වි තිබුනේම නගර සභා නියොජනයේදි හැකිතාක් සරත් පිළ දුර්වල කොට ලංසා පිළ ඉදිරියට ගෙන ඒමය.