අතුරුදහන්කරවූ සිසුන් ඉල්ලා මෙක්සිකෝවේ ජනයා වීදි බසිති

0
73

5968082-800x581
පසුගිය දිනවල මෙක්සිකෝවේ ‘ගුරේරෝ‘ ප්‍රාන්තයෙන් සොයාගත් සමූහ මිනීවල සම්බන්ධයෙන් මේ වනවිට මහත් කැළඹීමක් ඇතිකර තිබේ. මෙතෙක් හදුනාගෙන නොමැති මියගිය අයගේ ශරීර 28 ක් එහි තිබී ඇත. පහර දීම් හා වධහිංසා වලට ලක්කර ඇති බවට එම ශරීර වල ලකුණු ඇති අතර ඔවුන්ව පෙට්‍රල් දමා පුළුස්සා දමා ඇති බවට වාර්තා සඳහන් කරයි. සමහර ඒ්වා ෙද්හ ෙකාටස් ,කැබලි බැවින් ඒ්වා 28කට වඩා වැඩිවිය හැකි බවට ද මතයක් පවතී.
පසුගිය ඔක්තෝම්බර් 08 වනදා මෙක්සිකෝ නගරයේදී  දහස්ගණන් විරෝධතාකරුවන් රැස්වී විරෝධතා දැක්වූයේ මෙම නීතිවිරෝධී ඝාතන වලට හා අතුරුදහන්කරවීම් වලට එරෙහිවය.  අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පවසන්නේ අතුරුදහන්වූ ශීෂ්‍යයන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.
එමෙන්ම ඔවුන් සිය නිවෙස් කරා නැවත එවන ලෙසට ඥාතීන් ඉල්ලීම් කරති. http://globalvoicesonline.org/2014/10/10/mexicans-demand-safe-return-of-students-taken-alive/
ඉගුආලා නගරයේ දී 2014 සැප්තැම්බර් 26 වනදා පැවති විරෝධතාවයකට සහභාගී වූ සිසුන් නැවත යමින් සිටි බස්රථ වලට පොලිසිය ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් 3 – 6 අතර සිසුන්   මියගිය අතර ඔවුන්ගෙන් 43 දෙනෙකු තවමත් අතුරුදහන්ව ඇත. http://www.insightcrime.org/news-briefs/mexican-police-missing-students-drug-cartel-officialayotzinapa1
මෙම සමුහ මිනීවලේ ඇති සිරුරු 2014 සැප්තැම්බර් 26 වනදා අයෝට්සිනාපා (Ayotzinapa)  ප්‍රජාවට අයත් සිසුන්ගේ වියහැකි බවට මාධ්‍ය හා ඥාතීන් විශ්වාස කරති.
මෙම ප්‍රහාරය සිදුවිමට පෙර  ඉගුආලා නගරයේ නගරාධිපතිවරයා  ආණ්ඩුකාරවරයාගේ නීති්‍යානුකූල අවසරය උඩ ඉවත්ගොස් ඇති  අතර  සැප්තැම්බර් මස 26 වනදා ඉගුඅාලා ෙපාලීසිය විසින් නිරායුධ සිසුන් හට ෙමෙස් ප්‍රසිද්ධිෙය් ප්‍රහාරයක් ඒල්ල කරන ලදී.

උපුටා ගැනීම –
http://globalvoicesonline.org/2014/10/10/mexicans-demand-safe-return-of-students-taken-alive/