අතුරුදහන්වුවන්ගේ ජාතික දිනයට එරෙහිව වර්ගවාදිහු වීදි බසිති?

0
50

Oct 27 mada posterඔක්තෝබර් 27 වන දිනට යෙදි ඇති අතුරුදහන්වුවන්ගේ ජාතික දිනය මෙවරත් සිදුව රද්දොළුව මංසන්ධියේදි පැවැත්විමට සියළු කටයුතු සුදානම්ව පවති.
මේ සැමරුමට එරෙහිව අද ( ඔක් 26)අළුයම් කාලයේ කටුනායක සහ අවට ප්‍රදේශවල මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මකව ඇත.
පසුගිය දිනක අතුරුදහන්වුවන් පවුල්වල ඥාතින් පිරිසක් සිය දුක දකුණේ සමාජ ක්‍රියාකාරින් හා බෙදාගැනිමට පැමිණ සිටි අවස්ථාවේදි එම රැස්විම පැවති මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රිය රැස්විම් ශාලාව කඩාපැන යකා නටා තිබුණි.
එය මෙහෙයවා තිබුනේ භික්ෂුන් පිරිසක් විසිනි.