අතුරුදහන්වූවන් සැමරීමේ හෘද සාක්ෂිය

0
94

P1210573P1210575P1210475P1210541P1210501P1210507
අද දින රද්දොළුව මංසන්ධියේදී අතුරුදහන්වූවන් සැමරිමේ ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්වුණි. අවුරුදු 23ක් පුරා  මෙලෙස ලංකාවේ අතුරුදහන්කරවූ පුද්ගලයන් සමරමින් එය අපරාධයක් බව ලොවට හඩගා කියන්නට උත්සාහා දැරූ  මිනිසුන්ගේ අප්‍රතිහත උත්සාහයක් ලෙස අද මෙම සැමරුම පැවැත්වුණි.
1989 දී ලංකාවේ ඇතිවූ භීෂණකාරී තත්ත්වයේදි අතුරුදහන් වූ විශාල තරුණ පිරිසක් සමරමින්  තැනූ සිහිවටනය රද්දොළුව මංසන්දියේ පිහිටා ඇති අතර  සෑම ඔක්තෝබර්27 වැනි දිනයේදී ඔවුන්ගේ දෙමාපියන් ,ඥාතීන් මෙම අවස්ථාවට පැමිණ  ලබැදියන් වෙත පුෂ්පඋපහාර දක්වති. අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවය සදහා  උතුරු නැගෙනහිර දරුවන් හා ඥාතීන් අතුරුදහන්වූවන්ගේ  මව්වරුන් සහ ඥාතීන් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here