අතුරුදහන් වු පවුල්වල ඥාතින්ට කොළඹට එන්න දෙන්න බෑ කියලා.

0
40

යුද්ධය පැවතී සමයේ අතුරුදන් කෙරුණු තම ඥාතීන් සොයා දෙන්නයි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක්  සඳහා සහභාගිවීමට පැමිණෙමින් සිටි යාපනය, කිලිනොච්චිය ඇතුළු උතුරේ වැසියන් 400 කට අධික පිරිසකට වවුනියාවෙන් මෙහාට ඒමට ඉඩ නොදී පොලිසිය විසින් මේවන විට රදවාගෙන ඇතැයි වාර්ථා වේ.

මේ පිරිස ‘අතුරුදන් වුවන් සොයායන ඥාතීන්ගේ සංගමය’ නියෝජනය කරන අතර ඔවුන් උතුරේ තම ගම් බිම් වල සිට පැමිණ ඇත්තේ හෙට (6) පෙරවරුවේ දී කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වීමේ අරමුණ ඇතිවය.
එහෙත් පොලිසියි විසින් පවසා ඇත්තේ ආරක්ෂාව පිළිබදව ගැටළු මතුවිය හැකි බැවින් මේ පිරිසට කොළඹ යාමට අවසර ලබාදිය නොහැකි බවය.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් මහතා ඇතළු විපක්ෂයේ විරෝධයේ පක්ෂ නායකයන්ද දැනටමත් මේ සම්බන්ධයෙන් පොලිසියේ ඉහල බලධාරින්ගෙන් කරුණු විමසා ඇතැයි වාර්ථා වේ.
මේ අයව  බොහෝ දුරට හෙට අලුයම පිටත්විමට අවසර දේවි යැයි බලාපොරොත්තු වන එහි සංවිධායකන් පවසා සිටින්නේ සැලසුම් කළ පරිද්දෙන් හෙට දිනයේ උද්ඝෝෂණය පැවැත්වෙන බවය.