අතුරුන්ව සිටි ධීවරයන්ව මාලෙන් සොයාගැනේ !

0
89

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් හත්දෙනා මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේදී සොයාගෙන තිබේ.
.ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අදාල බලධාරින් පවසා සිටිති.
ධීවරයන් පිරිස ගාල්ල ධිවර වරායෙන් සින්දූර් දෙක යාත්‍රාවෙන්  ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබුනේ පසුගිය 14 වනදාය
දින කිහිපයකට පමණ පසු එම යාත්‍රාව සහ ගොඩබිම අතර සබදතා බිදවැටී ඇති අතර  එම යාත්‍රාව සමග ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ධීවර යාත්‍රා යළි ගොඩබිමට පැමිණිය ද සින්දූර් දෙක යාත්‍රාව පිළිබද තොරතුරු සොයා ගැනීම අපහසු ව තිබුණි.
ධීවරයින් සොයා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරුණ අතර  ඒ අනුව මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේ දී එම ධීවරයින් සොයා ගැනීමට ඊයේ දිනයේ හැකිව තිබුණි.
මේ අතර මීගමුවෙන් පසුගිය වසරේදි මුහුදු ගිය  පිරිසක් පිළිබදව තවමත් තොරතුරක් නැත.
මීගමුවෙන්  2017  නොවැම්බර්   29  දින  මුහුදුගිය  සෙනුරි  බෝට්ටුව   අතුරුදහන්  වී  මාස  ගණන් ගෙවී  ඇතත්  තමන්ට  රජයෙන් වන්දියක් හෝ ප්‍රමාණවත් ආධාරයක් නොලැබුණ බව මෙම   බහුදින  යාත්‍රාවේ   ගමන්කළ  එක්  ධීවර‍යෙකුවු   අජිත් කුමාරගේ  බිරිද  වන පිළමිනා   අපන් සමග  පැවසීය.
අජිත්  කුමාරගේ   දුවට  මාස 7ක  සහඅවුරුදු  2  ½   දරුවන්  දෙදෙනෙකු  සිටින  අතර   ඔවුන්  ඉතා  දුකසේ  ජීවත්වනබවත්,  පිළමිනාගේ  අක්කා  වන  මරියා  පවසයි.මීගමුව  ධීවර  කාර්්‍යාලයෙන්   එක්  මසකට  පමණක්   රු. 1200 ක  බඩුමල්ලක්  දුන්නද  මේ වනවිට  ඒ  කිසිවක්  නොලැබෙන  බවත්  ඇය  තවදුරටත්  පැවසීය.  මීටපෙරද  අප  විසින්  මෙමඅසරණ  මිනිසුන්ගේ  තත්වය    වගකිවයුත්තන්ට   දැනුම් දුන්නද   අවශ්‍ය  සොයා  බැලීමක්  කර නොතිබින.  නැවතත්   අප  ඉල්ලා  සිටින්නේ   නෛතික   දේවල්  පසෙකලා  ඔවුන්ගේ  අසරණ  කම  ගැන  සොයාබලා   යම්  පියවරක්  ගන්නා  ලෙසයි.
මීගමුවේ තිඛෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර ධිවර සංවිධාන නියෝජිතයෙක් හෝ ධීවරයින් ගේ වෘත්තිය සමිතියක් හෝ මෙම පවුල් බැහැදැකීමට  මෙතෙක් පැමිණ නැති බවත් වාර්තා වේ.

.

සිය පවුල්වල සාමාජිකයින් සොයා ගැනීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීම පිළිබද ඔවුන් සිය ස්තූතිය පළකළේ මේ ආකාරයෙන්.

 

By ITN News Editor