අතෙන් ගොඩගිය නියෝජ්‍ය නගරාධිපති ෆරිස් යටින් පොහොට්ටුවට වැඩ!

0
58

ෆරිස්ගේ ගෙදරනියෝජ්‍ය නගරාධිපති මුස්ලිම් ජනයා හමුවට ගොස් ඡන්දය ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂලාගේ බලවේගයට එරෙහිවය.
ගොඨාභය රාජපක්ෂටද එරෙහිවය.
ඒ නිසාම මහින්දලාට කවදත් විරුද්ධව සිටි මුස්ලිම් ජනයා මෛත්‍රි වෙනුවෙන් ෆරිස්ලාට ඡන්දය දුන්නේය. එසේ ඡන්දය ලබාගත් ෆරිස්ලා පසුව අංශ 180ක්ම අනික් පැත්තට කැරකි සිය පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් යළිත් රාජපක්ෂ ලංසා  හවුල් පවුල් පාලනය මිගමුව තුල ස්ථාපිත කිරිම සදහා මිගමුවේම මුස්ලිම් ජනයාව කිසිදු හිරිකිතයකින් තොරව පාවා දුන්නේය.ෆරිස්ගේ ගෙදර 1
දැන් තවත් එහා යමින් ෆරිස් මන්ත්‍රිවරයා විසින් රාජපක්ෂලාගේ මුස්ලිම් පෙරමුණක් මිගමුවේ හැදිම සදහා සංවිධාන සාකච්ජා සිය නිවසේදිම පවත්වන තරමට දුරගිහින් තිබේ.
මේ සදහා නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ගේ ලේකම්වරයා මුලිකත්වය ගෙන කටයුතු කර තිබේ.එපමණක් නොව නිමල් ලංසාගේ තවත් මුස්ලිම් ගෝලයෙකුද මේ කටයුත්තට දායකව ඇති බවද සැලය.
මීගමුවේ පොහොට්ටුවේ ජේෂ්ඨයෙකු වන සරත් ගුණරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ එවැනි රැස්විමක් ගැන තමන්ද දැනුවත් නැතිබවය.
මිගමුමේ සංවිධාන කටයුතු තමාටත් මිගමුව නගරාධිපති දයාන් ලංසාටත් පැවරි ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය.