අදත් අසාදිතයන් 797 ක් ! ආණ්ඩුවේ අයවැය සාදයට 500 ක්.. ?

0
68

corona 2( 12.05 am ) මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (08) පස්වරු 8.50 වනවිට තවත් ආසාදිතයන් 797 ක් එක්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,822 දක්වා ඉහළ ගොස් ඇත.

අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 567 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 230 ‍දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති

මේ අතර පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය  හෙවත් බජට් පාටිය  අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරියුම් කර ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වි ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවද එහි වැඩිදුරටත් සදහන්ය

මෙම උත්සවයේ සැරසිළි කටයුතු වෙනුවෙන් දිවයිනේ සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරික සමාගමකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් මල් සහ අනෙකුත් සැරසිළි උපාංග ඇණවුම් කර ඇති බවත්, කාර්යමණ්ඩලයේ අයද ඇතුළුව 700 දෙනකුට පමණ රාත්‍රී ආහාර ඇණවුම් කර ඇති බවත් වාර්තා වේ.

කොවිඩ් වසංගතය තදබල ලෙසින් රටේ පැතිර යන මෙම අවස්ථාවේදී උත්සවයකට සහභාගි වන්නේ නම් ඒ 50 ත් 100 ත් අතර පිරිසක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියම කර තිබේ. එහෙත් මෙම බජට් පාටියට 500 කට ආසන්න පිරිසක් ආරාධනා ලබා සිටින බවද දැනගන්නට තිබේ.
එක රටක් නීති දෙකක් යන මතවාදය මේ වන විට රටට ආදර්ශයන් සපයා දිය යුතුව ඇති නිති සම්පාදනය කරනු ලබන ආයතනය විසින් කඩන තත්වයකට දැන් රට පත්ව තිබේ.
මේ ආණ්ඩුව දැන් ඒ තරමටම ෆේල් වි ඇත