අද පස්වරු 2 න් පසුව ගිගුරුම් සහිත වැසි !

0
70

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් හානි සිදු විය හැකි යැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි යැයි ද සදහන්ය

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here