විශේෂයෙන්ම අද මිගමුවේ ප්රධාන මහජන බැංකු ශාඛාව වෙත පැමිණි ගණුදෙණුකරුවන් සිය විරෝධය පළකර සිටියහ.හලාවත සිට පැමිණ තිබුණ එක් ගණුදෙනුකාරියක් පවසා සිටියේ රටේතත්වය අනුව බැංකුකරුවන් නිවාඩු ගන්නවා වෙනුවට වැඩියෙන් වැඩකරමින් සිය ගණුදෙනුකරුවන් හට සේවය සලසා දිය යුතු ඇති බවය.අද මහජන බැංකුව ප.ව.1.00දක්වා විවෘතව පවතින බව එහි වෙබ් අඩවියේද සඳහන්ව තිබියදි ගණුදෙනුකරුවන් මෙසේ අද දින අපහසුවට පත්කිරිම සැබැවින්ම අශිලාචාර කමකි.