අධිකරණයට බලපෑම් කරන රාජපක්ෂලාගේ විරෝධයට මීගමුවේ නගර සභා සේවකයන්වත් අරන් ගිහින් ?

0
52

Dayan and Farees 2(2.00 pm ) නිතිය ඉදිරියේත් ජනමතය ඉදිරියේත් දිනපතා පරාජයට පත්වෙමින් සිටින කුමන්ත්‍රණ ආණ්ඩුවේ රාජපක්ෂ බලවේගය දැන් වලිකන්නේ ඉන්  ගැලවි යා හැකි මගක් විවර කර ගැනිමටය.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ බොරු අගමැති ඊයේ ජාතිය අමතනවා යැයි කියමින් අධිකරණයටත් ජාතිය දැමිමෙන් නොනැවති අද කොළඹට ජනයා කැදවා විරෝධතා දක්වන්නේ මහින්ද රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 ක් විසින් ගොනු කර ඇති පෙත්සමේ තින්දුවට බලපෑම් කිරිම  සදහාය.
අද සවස ල බැසිල් රාජපක්ෂලාගේ තුන්සරණේ අධාරයෙන් කොළඹට මේ පිරිස් කැදවමින් සිටිති.
පාඨළි චම්පික මන්ත්‍රිවරයාට  අනුව බැසිල් රාජපක්ෂගේ තුන්සරණය යනු වැලි බොරළු සහ ගල් සපයන් තැරැව්කරුවන්ය.
පාඨලි ච්ම්පික මන්ත්‍රිවරයා විසින් ඉතාමත් නිවරදිව කරන ලද ඒ විග්‍රහයට අනුව ප්‍රබලම තුන්සරණය ඉන්නේ මිගමුවේය,
දැන් මේ අය කුමන්ත්‍රණ ආණ්ඩුවට කළ ගුණ සැලකිම සදහා මීගමුව මහනගරසබාවේ සේවකයන්වද ගෙන යන තත්වයට පත්ව තිබේ.
මේ අනුව බස් තුනකින් පටවා ගත් සේවකයන් පිරිසක් අද කොළඹ පැවැත්වෙන විරෝධතාවයකට ගෙන ගොස් ඇතැයි මිගමුව විපක්ෂ නායක රොයිස් විජිත පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබදව කොමසාරිස්වරියවද දැනුවත් කළ බවය.