අධිවේගි මාර්ගයද වසාදැමුන ගින්නෙන් හෙළිවු දැවැන්ත පරිසර විනාශය ගැන සීදුව නගර සභාවට චෝදනා !

0
316

FB_IMG_1582221919476FB_IMG_1582254978135

කටුනායක කොළඹ අධිවේගි මාර්ගය පවා වසාදමන්නට තරම් බලපෑමක් කරන ලද ගින්නක් පසුගියදා හට ගෙන තිබුනේ සිදුව නගර සභාව විසින් පවත්වාගෙන කුණු කසල බැහැර කරන තැන ඇවිලුන ගින්නක් හේතුකොටගෙනය.
මේ ගින්න අති භායනක ලෙසින් පැතිර යාම හේතුවෙන් එය මැඩලිම සදහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් පවා යොදා ගැනිමට සිදුවිය.
මේ ගින්නත් සමගින් මතුව ඇති ගැටලු රැසකි. ඒ අනුව සිදුව නගර සභාවේ දේශපාලන අධිකාරියට මෙන්ම පරිපාලන අධිකාරියටද දැන් ගැලවිමක් නැත.
මේ අධිසංවේදි පරිසර කලාපයක් තුලට මේසේ කුණ කදු ගොඩගැසිම තුලින් මතුවන ඇති දැවැන්ත පාරිසරික ගැටලුව ගැන කදිම සටහනක් දිනුෂ නානයක්කාර නම් වු පරිසරවේදියා සිය මුහුණ පොතට එක් කර තිබේ.FB_IMG_1582254970206

FB_IMG_1582254964451මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාක විනාශ කර දමමින් සිත් පිත් නැති අයුරින් සීදුව නගරසභාව විසින් කසළ දමමින් කරන පාරිසරික විනාශය සහ එහි ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම සම්බන්දයෙන් පරිසරවේදීහු කිහිප විටක්ම විරෝධතා ප්‍රකාශ කළහ.එහෙත් ඒ කිසිවක් තඹ දොයිතුවකට මායිම් නොකර තත්ත්වයක් දක්නට ඇත.
ඊට අමතරව එයට ගිණි තැබීමෙන් හෝ ගිණි ගැනීමෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා ප්‍රදේශවාසීන් හට හුස්ම ගැනීමට නොහැකි තරමට විශාල දුමාරයක් මේ වනවිට පැතිරායමින් ඇත.මෙයට සෘජුව වගකිව යුත්තේ සීදූව මහනගරසභාව බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසා දැමීමට සිදුවූයේ ද එයින් නැගෙන විශාල දුමාරය නිසාවෙනි. තවද ගිණි නිවීමේ හමුදාව මෙන්ම හෙලිකොප්ටර් යානා පවා යොදාගනිමින් මහජන මුදල් මෙසේ විනාශ කරමින් ද පරිසර දූෂණය කරන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? යන්න ප්‍රශ්න කළ යුතුව ඇත.

කාලාන්තරයක් තිස්සේ පරිසරය රැකගතයුතුව ඇත්තේ මෝඩ දේශපාලුවන්ගෙන් සහ පවතින්නාවූ රජයෙන් වීම ලාංකික අප සැමගේ සැබෑ ඛේදවාචකයක් නොවන්නේද??

දිනුෂ නානායක්කාර

මේ අනුව සීදුව නගර සභාව මේ කරුණ පිළිබදව බරපතල ලෙසින් සිය අවධානය යොමුකළ යුතුව තිබේ. ඒ අයගේ මෙන්ම රටේම ඇස්ඇරවු මේ කුණු සෙල්ලම ගැන දැන්වත් ප්‍රමිතිගත සැලැස්මකට යා යුතු  බව ඉතා පැහැදිලි ලෙසින් හෙළිදරව් වි තිබේ.