රටපුරාම විවිධ තැන්වලින් මේ වන විට කොරෝනා බලපෑම මතුවෙමින් තිබේ.
මේ වන විට අධිවේගි මගේ පිටවිම් දොරටු කරාද එය පැමිණ තිබේ.
දැනට වාර්තා වන අන්දමට කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වි තිබේ.
මේ නිසා එහි පිටවීමේ දොරටුව අද ( 28) පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සාමාන්‍ය රථවාහනවලට අද (28) පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි බවද වාර්තා වෙයි.
බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය. කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ටිකට් පත් නිකුත් නොකරන බව ද අධිවේදී මාර්ග පාලන ආරංචි මාර්ග කියයි.
අධිවේගී මාර්ගය භාවිතා කරන අයට අතුරුගිරිය හා කහතුඩුව පිටවීම් දොරට භාවිත කරන්නැයි ද දන්වයි.
මුලාශ්‍රය – ලංකාදිප