අධිවේගී මාර්ගය දෙපස කඩොලාන සිටුවයි

0
517

unnamed (3)unnamed (6)(1)

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වු හානිය කඩොලාන හා ඊට ආවේනික පරිසර පද්ධතිය නැවත ප්‍රති නිර්මාණය කරලීමේ වැඩසටහන් කි්‍රයාත්මක වන අතර එහි නියමු ව්‍යාපෘතියේ එක් කි්‍රයාකාරකමක් ලෙස ආවේනික කඩොලාන පැළ 2000ක් නැවත වගාකරලීම සැප්තැම්බර් මස19 වන දින කටුනායක පිටවීමේ පර්යන්තයේ සිට කි.මී 1ක් දුරින් මෙම පැළ සිටුවීම සිදු කෙරේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ගම්පහ ශාඛාව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර කටාන ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය,නාරා  ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය,වනජීවි හා වන සංරක්ෂණ ආයතන හා ප්‍රජා සංවිධාන, විවෘත විශ්ව විද්‍යාල, කැලණිය විශ්ව විද්‍යාල පිඨ හා සියළුම පාර්ශව ආයතන මෙම සමාජ සත්කාරයට අයත් වේ.

unnamed (11)මෙහි අරමුණ වනුයේ කොළඹ දක්වා අධිවේගී මාර්ගය දෙපස මෙම කඩොලාන පරිසර පද්ධතිය ඇතිකිරීමෙන් ඒ හා සම්බන්ධ ප්‍රජාව හා පාසැල් මෙය යාවත්කාලීන කර පරිසරය රැක ගැනීමේ වගකීමට හුරුකිරිමයි. නාරා  ආයතනය පවසන පරිදි මෙම ආදර්ශ ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව මාලූ ටොන් 8.2 ක් උත්පාදනයත් පරිසරයේ කාබන් ප්‍රමාණය අවම කරලීම මිල කළ නොහැකි බවත් කටුනායක වෙළඳ කලාපය, කටුනායක ගුවන් තොටුපොළ හා අධිවේගී මාර්ගය හරහා දැවී යන වායු කාබන් ටොන් ගණනක් නැවත ද්‍රවමය කාබන් බවට පත්කරලීමේ ක්‍රියාවලිය වේගවත් කරන බවත්ය.
unnamed (12)