අවස්ථා කිහිපයක්, මිගමුව ධීවර කාර්්‍යාලයට ගොස් වගකිවයුතු නිලධාරීන් හමුවී මේ ගැන සාකච්ඡා කළද තවමත් විසඳුමක් ලබා ගැනීමට හැකිවී නොමැත. 2019 -2 – 11 .දින ඔවුන් ධීවර සහකාර අධ්‍යක්ෂක හමුවීමට ගියද ඔහු නොසිටියෙන් එදින ප්‍රධාන ධීවර පරීක්ෂක ලෙස කටයුතු කළ මාරසිංහ මහතා සමඟ කෙටි සාකච්ඡාවකින් පසු නැවත පුළුල් සාකච්ඡවකින් පසුව මේ සඳහා විසඳුමක් ලබාගත හැකි බවට පොරොන්දුවක් දෙමින් විසිර ගියහ. එසේම නැවත ( 16වන දින ) සහකාර ධීවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා හමුවී සාකච්ඡා කළ බව තෙප්පම් ධීවර සමීතියේ සභාපති ප්‍රදීප් මහතා අප සමඟ පැවසීය. එහිදී පියතුමන්ලා, වගකිවයුතු නිලධාරීන්, ධීවර සමීති නායකයින් කැඳවා සාකච්ඡාකර මෙම ප්‍රශ්ණය විසඳීමට කටයුතු යොදන බවට පොරොන්දුවී ඇත. මේ පිළිබඳව දැනගැනීම උදෙසා අප ධීවර සහකාර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු. ඒ අනුව ඉහත පොරොන්දුවූ පරිදි තෙප්පම් ධීවර නායකයින් හා කථාකළ බවද, ඉදිරියේදී ප්‍රශ්ණය විසඳා ගැනීම සඳහා කටයුතු කරන බවත් ,ධීවර අධ්‍යක්ෂක වරයා අප සමඟ පැවසීය.