අනතුරට ලක්වූ සිසුවාගේ අතට බරපතල හානි

0
75

අද දින උදෑසන  මීගමුව – මීරිගම පාරේ සෙවන් ඩේ  පාසල ආසන්නයේදී සිදුවූ අනතුරකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කරන ලදී. පෙ.ව. 7.30 ට පමණ සිදුවී ඇති මෙම අනතුරට මුහුණ දී ඇත්තේ පාසල සදහා ගමන් කරමින් සිටි සිසුවෙකු වන අතර ඔහු   කටුවපිටිය සෙවන්ඩේ ඇඩ්වෙන්ටිස් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවද වාර්තා වේ මෙම අනතුර සිදුවී ඇත්තේ ද ඒ අාසන්නයේදීම වන අතර
මගී ප්‍රවාහන බස් රථයකට ඉදිරියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම සිසුවා එම බසයට යටවූ  බව දුටුවන් පවසති.
අනතුරින්  ඔහුගේ එක්  අතකට බරපතල තුවාල සිදුවී අැති අතර මේ වනවිට ඔහුව ප්‍රතිකාර  කිරීම  සදහා කොළඹ ගෙන ගොස් ඇති බව මීගමුව  රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටාන පොලිසිය විසින් සිදුකරනු ලබයි.B1U1fvfCUAE0Dgt