අනතුරුදායක කාණුවක් ! ප්‍රෙව්සම් වන්න

0
214

DSC_1563

මීගමුව  ,දිවුලපිටිය  පාරේ  පාන්කඩ  හංදියේ  නිරාවරණය වී ඇති  කානුවකින්  මගී ජනයාට  සහ  වාහන  ගමනාගමනයට  බාධා  එල්ලවී  ඇත.  දින  කිහිපයකට  පෙර  පාරේ  යන  ලොරි  රථයක්  මෙම  කානුවේ  වැටීමෙන්    රෝද  හිරවී  ඉතා  අපහසුවෙන්  ගොඩට  ගත් බව  අවට  සිටි  කඩ හිමියෙක්  අප  සමඟ  පැවසීය.මෙය  හතරමංහන්දියකි. පෙරියමුල්ල  ප්‍රෙද්ශයේ  සිට  අඟුරුකාරමුල්ල  පංසල  පාරටත්, මීගමුව  සිට දිවුලපිටිය,  මීරිගම දක්වා  යනඑන  වාහන  සහ  මගීන්  නිසා  මෙම  ස්ථානය  නිතරම  ඉතා  කලබලකාරී මෙන්ම  තදබදයක්  සහිත  ස්ථානයක් වී ඇත.  ඒ  නිසා    දිවුලපිටිය  පාරෙන්  පෙරියමුල්ල  පැත්තට  වාහන  හැරවීමේදී   ඉතා  ප්‍රවේශමෙන්  තමන්ගේ  වාහනය  පැදවියයුතුව  ඇත.

දිවුලපිටිය  පාර  සම්බන්ධව  මීට  පෙර අවස්ථා  කිහිපයකදීම  සාකච්ඡාවට  ලක්වී  ඇති  නමුත්,  බලධාරීන්  පවසන්නේ ප්‍රතිපාදන  නැති  නිසා  මෙම  පාරේ  සංවර්ධන  කටයුතු  ඇනහිට  ඇති  බවයි.  පාරේ  ඇඳ  තිබුනු  සීමා  මායිම්  සළකුණු  කළ  ඉරි  මැකී ගෙස්  ඇත.  සිටුවා  ඇති  ලයිට්  කණු  දැන්  ඇත්තේ  පාරෙහිය.නිරන්තරව  අනතුරු  සිදුවන  ස්ථානයකි.  මේ  ගැන  මීගමුව  පොලීසියේ  දැඩි  අවධානයට  ලක්වී  තිබුනා  පමණක්  නොව  එහි  රථවාහන  අංශයෙන්   අදාල  යෝජනා  ඉදිරිපත්කළ  බව  මීට  පෙර  දිනෙක  රථවාහන  අංශයේ  ස්ථානාධිපති  ගජනායක  මහතා  අප  සමඟ  පවසා  තිබින.  කාලය  ගතවී  ගියද  මෙම  ප්‍රශ්ණයට  විසඳුමක් පේනතෙක්  මානයක  නැත. පාරවල්  පලල්  කිරීම්  තුළින්  ස්ථිර  විසඳුමක් ලබාදීම  අත්‍යවශ්‍යය. නමුත්  ඒවනවිට  මෙවැනි  ස්ථාන  නිසා  භයානක  අනතුරු  පවා  සිදුවිය  හැක.  එබැවින්  මෙම  ස්ථානය  ගැන  අවධානය  යොමුකර    පිළිසකර  කිරීම  බලධාරීන්ගේ  වගකීමක්  සහ  යුතුකමක්  බව  අපි  මතක් කර  සිටිමු.