අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නට පස්ස ගහන වෙන්නප්පුව ප්‍රා.සභාපති, වැවේ රොන්මඩ ගැන උනන්දු වෙයි,

0
153

WP_0001411-300x2241වෙන්නප්පුව ග්‍රාමයට අයත් ප්‍රධාන ස්වභාවික සම්පතක් වන ‘මහ වැව’ ලෙස හඳුන්වන වැවේ දැනට මාස කීපයකට පෙර  පුද්ගලයෙකු විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීමක් මේ වන විටත් එම ස්ථානයේ පවතී. මේ දිනවල එ් අවට ප්‍රදේශවාසින් පවසන්නේ වැවේ මඩ ඉවත්කරන්නට  බැකෝ යන්ත්‍ර ගෙන ආ බවයි. නමුත් එම යන්ත්‍ර පාරට දැමීමට හැකියාවක් නොමැති නිසා ආපසු හැරී ගිය බවද  ප්‍රදේශවාසීන් පවසති.
මෙම අනවසර ඉදිකිරීම සිදුකරන ලද්දේ වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන  ජැකට් කෝනර් හි අධිපති , අනිල් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකි. මෙම ඉදිකිරීම ඉවත් කරන ලෙස අදාළ වගකිවයුතු ආයතන  කීපයක්ම ලිඛිතව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා වෙත දැනුම් දී තිබුණ ද ඔහු විසින් මේ වනතෙක්  එය ක්‍රියාත්මක කර නොමැත.
දැනට වාර්තා වන අන්දමට හලාවත ගොවිජන සේවා කොමසාරිස්තුමිය විසින්  මෙම නීති විරෝධී ඉදිකිරීමට විරුද්ධව නඩු පැවරීමට ක්‍රියා මාර්ග ගෙන ඇති බව ද වාර්තා වේ. ඒ අතර වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරියෙකු පැවසූවේ මෙම වැවේ ඉදිකර ඇති සියලූම අනවසර ඉදිකිරීම් හේතුකොටගෙන වෙන්නප්පුව වැව සම්පූර්ණයෙන් මැනීමක් කරන ලෙසට  පුත්තලම මිණුම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.