අන්තර්ජාල මාධ්‍යයට වැට බඳින පණත අද ..

0
146

අන්තර් ජාලය තුළ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ලබන අද (19 ) වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත ඇමති මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශ ආරංචි දක්වා සිටි.

මේ පනත අන්තර් ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස නම්කර ඇති බවද පැවසේ.

රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන්, මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යන් සමඟ පවත්වන මිත්‍ර සම්බන්ධතා සම්බන්ධයාන් විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම හෝ වෛරය නොමනාපය පිළිබඳ හාගීම්වලට පෙඹවීමකට, රජයේ යම් වගකීමක් හෝ කාර්යක් ඉටුකිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීමට යන කරුණු කෙරෙහි නීති සකස් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇති බවද අරුණ පුවත්පත පසුගියදා වාර්තා කොට තිබුණි..

මේ අතර අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ සමාජ මාධ්‍ය වේදිකාවල වැරදි තොරතුරු මැඩපැවැත්වීම සඳහා නව නීති ගෙන එන බවය . “මේ සම්බන්ධයෙන් නව නීති කිහිපයක් ගෙන ඒම සඳහා අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පවත්වනවා,” ඇමතිවරයා කියා තිබේ.

ජාතික ආරක්ෂාව, ප්‍රතිසන්ධානය සහ සංවර්ධනය, රටේ නම විනාශ කිරීමෙන් වැළකී සිටීම සහ පුද්ගලයන්ට අපහාස කිරීම වැනි සීමාවන් යටතේ කතා කිරීමේ නිදහස ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

“අපි දැනට සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක කර ඇති මාර්ගගත අසත්‍යතාවන්ගෙන් ආරක්ෂා වීම සහ හැසිරවීමේ පනත වැනි නීති සලකා බලමින් සිටිමු. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියයට 15 ත් 17 ත් අතර ප්‍රමාණයක් ව්‍යාජ ඒවා බව අධිකරණ අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. එබැවින්, ඔවුන් අසත්‍ය තොරතුරු පතුරුවුවද කිසිවෙකුට එරෙහිව නඩු පැවරිය නොහැක. මෙම නිදහස ක්‍රියාත්මක කළ හැකි නිශ්චිත සීමාවක් තිබෙන බවද වැඩිදුරටත් ඇමතිවරයා අවධාරණය කර තිබේ