අන්තර් පාසැල් පාපන්දු තරඟමාලාවේ පිරිමි අනු ශුරතාව වෙන්නප්පුව ජෝන් පෝල් ඉංග්‍රිසි මාධ්‍යය පාසැලට

0
23

chandana1

2016 හලාවත කලාප අන්තර් පාසැල් පාපන්දු තරඟමාලාවේ වයස අවුරුදු 15 න් පහළ පිරිමි අනු ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව ජෝන් පෝල් ඉංග්‍රිසි මාධ්‍යය පාසැල සමත් වි තිබේ හලාවත අධ්‍යාපන කලාපයේ පාසැල් 10 ක් සහභාගි වු මෙම තරඟමාලාවට ප්‍රථම වරට එක්වු ජෝන් පෝල් පාසැල කලාපයේ ප්‍රබල පාසැල් පරාජයට පත් කරමින් අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබු අතර අවසන් මහා තරඟයේදි කටුණේරිය සාන්ත සෙබස්තියන් විදුහල හමුවේ 3/0 ක් ලෙස පරාජයට පත් විය ජෝන් පෝල් පාසැල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සුදත් නිශාන්ත මහතා කටයුතු කරයි පාපන්දු කණ්ඩායම අරම්භ කර වසරක් තුලදි ලැබු මෙම ජයග්‍රාහණයට අපේ සුභ පැතුම්.

චන්දන ප්‍රනාන්දු