අන්සාර් මුදලාලිට එරෙහිව ජීසස්ගේ නඩුව මීගමුව පොලිසිය යටගැහැව්වේ ඇයි?.??

0
69
අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .
අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .
අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .

2011 අගොස්තු මස 25 වනදා මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සාර් හෝටලයේ හිමිකරු සහ එහි සේවක පිරිසක් විසින් මාරන්තික තුවාල සිදුකරමින් පහර දුන් ජිසස් නැමැති පාසැල් සිසුවාට අදාල යුක්තිය ක්‍රියාත්මක කිරිම සදහා මීගමුව පොලිසිය විසින් ක්‍රියාකර ඇති අන්දම ගැන පවුලේ අය මෙන්ම ප්‍රදේශවාසින්ද සිය අප්‍රසාදය පළ කර සිටිති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයක් පවසා සිටියේ මීගමුවේ පොලිසිය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ තමන් විසින් මේ අයුක්තියට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ගවලට පිවිසිමත් සමගින් බවය.
ජිසස්ගේ පවුලේ අය පවසා සිටින්නේ මීගමුව පොලිසිය පැමිණ මේ ගැන ඔවුන්ගෙන් කටඋත්තර ලබාගන්නේ 2012 පෙබරවාරි මාසයේදි බවය.එනම් මාරාන්තික තුවාල ලබා ජිවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටි ජියස් මුලික සුවය ලාබා අදාල සිදුවිමෙන් මාස 6 කට පසුව බවය.
මේ අතර තමපුතුට බෙහෙත් ගැනිමට නොහැකිව ඉතා අසිරු තත්වයකට පත්ව තිබු මොහොතක අන්සාර් මුදලාලිගෙන් බෙහෙත් ගැනිමට මුදලක් ඉල්ලා ගැනිමට ගිය අවස්ථවේදි ඔහු විසින් මේ ප්‍රදේශයේ නමගිය පාතාල සාමාජිකයෙකු වු පෙරොස් නැමැත්තා ලවා මේ මවට දුරකතය මගින් තර්ජනය කර අැත.
අදාල හෝටල් හිමිකරු මේ අන්දමෙන් කටයුතු කරමින් සිටියේ නම් මීගමුව පොලිසියද ඔහුගේ අණසකට යටත්ව මේ මරාන්තික සිදුවිම මගහැර තිබුණා නොවේද ????

http://www.meepura.com/stories/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B4