අනාරක්ෂිත කානුව සහ වගකිවයුත්තන්ගේ නොහැකියාව…….

0
580

IMG-20200926-WA0011IMG-20200926-WA0013IMG-20200926-WA0017

පසුගිය දිනෙක දළුපත , මෙතෝදිස්ත දේවස්ථානය පසුකර මීටර් 100ක පමණ දුරින් ඇති පාරත් සමඟ ඇති කානුව පිළිසකර කරනු දැක්කෙමි. තිඹිරිගස්කටුව පැත්තේ සිට එනවිට මෙම ස්ථානය පසු කරන්නෙකුට බියකින් තොරව ගමන් කළ නොහැකි බව මා මගේ අත්දැකීමෙන්ම අවබෝධකර ගත්තකි. මේ අනුව එක් අවස්ථවක මා ගමන් කළ යතුරු පැදියද මෙම ස්ථානයේදී හසුරුවා ගත්තේ ඉතා අපහසුවෙනි. මේ ස්ථානය ඇත්තේ මංසන්දි දෙකක් අතරය. විශාල ජනගහනයක් නිතර මෙකී පාරෙන් ගමන් කරයි. නමුත් ඉහතකී කානුවට වැටියක් බැඳීම සඳහාවූ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කිසිදු නිලධාරියෙකුගේවත් නිසි සොයා බැලීමක් නැතිබව මෙහි අවට සිටින ප්‍රදේශවාසීන් පවසති. මෙවැනි කටයත්තකදී මෙවැනි අනතුරු දායක ස්ථාන පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කිරීම අදාල බලධාරීගේ ප්‍රධාන වගකීමකි. මෑත දිනකදී මේ ස්ථානයේ වේගයෙන් පැමිණි වාහනයක් තාප්පද කඩාගෙන ගොස් එහි ඇති එක් නිවසක ජනෙල් වීදුරු පවා බිඳුනු බව ප්‍රදේශවාසීන් පවසයි . නමුත් මෙම කානුව සඳහා වැටියක් බඳිමින් සිදුකෙරෙන මෙම කටයුත්ත සඳහා එවැනි නිසි ආරක්ෂාවක් පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් දක්නට නොතිබින.
පාලම් , බෝක්කු හැදීම, කානු සුද්ධ කිරීම, කානු අසල අනවසර ගොඩනැගිලි හැදීම තහනම් කිරීම මේ ආදී කුදු මහත් කටයුතු සඳහා ප්‍රධාන වගකිවයුතු ආයතනය නගර සභාවයි. මේ සඳහා නගරාධිපති, කොමසාරිස් , ඉංජිනේරු මහත්වරු , ප්‍රදේශයේ අදාල නාගරික මන්ත්‍රී ආදී සියළු දෙනා සිටිති. නමුත් මේ සියළුදෙනාට මීගමු නගරයේ ජනතාවට බලපාන ඉහත සඳහන් කිසිදුු සංවර්ධන කටයුත්තක් ගැටළු මතු නොවන අයුරින් විසඳා ගැනීමට හැකිවී නැත. දළුපත තිඹිරිගස්කටුව පාරේ සිදුකෙරෙන පිළිසකර කිරීමද එවැන්නකි. සමහර කලින් සඳහන් කල වගකිවයුත්තෝ හැසිරෙන්නේ නොමේරූ ලදරුවන් මෙන්ය. ඔවුන් මෙකී සංවර්ධන කටයුතු සඳහා නිසි ලෙස යොමු නොවීම නිසා සිදුවන්නේ මහජන මුදල් නිරපරාදේ කාබාසිනියාවීම පමණි.

සැම්සන් ඥානසිරි