අනාරක්ෂිත රේල් ගේට්ටු ප්‍රශ්ණය විසඳන්න තවත් මිනිස් බිලි කීයක් අවැසිද..??

0
423

මීගමුව අළුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් එක අසලින් තලාදුව දෙසට වැටි ඇති පාර හරහා ඇති අනාරක්ෂිත රේල් ගේට්ටුව මේ වන මීගමුවේ මිනිස් ජිවිත ගණනාවක් බිලිගත් මාරක ස්ථානය බවට පත්ව ඇත.එහෙත් කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුව නැත.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ ආනාරක්ෂිත නොවන අයුරින් ලංකාවේ සියළුම ගේට්ටු සකසා ඇති බවය. තවදුරටත් කරුණු දක්වා සිටි ඔහු කියා සිටියේ ඒ හරහා යන අය දැනුවත් කිරිම සදහා මෙන්ම දුම්රිය රියදුරන් මගින් නලා හඩින් දැනුම් දිම් කිරිම ඇතුළු ක්‍රම  මෙහිදි භාවිතා කර ඇති බවය.
එහෙත් මේ එකදු සැලැස්මකට සකසා නැති කිසිදු පුවරුවක්ද නැති මේ මාරක ආනාරක්ෂිත මග ගැන මීගමුවේ දුම්රිය ස්ථානයේ බලධාරින් මෙන්ම දේශපාලන අධිකාරිෙයන්ද අපට අසන්නට වන්නේ මේ ස්ථානනය ආරක්ෂිත ගේට්ටු ක්‍රමයක් හදුන්වා දෙන්නට තවත් මිනිස් බිලි කියක් ඇවැසිද යන්නයි.