අනාරක්ෂිත හරස් මාර්ගයේදි දුම්රියේ ගැටී කතක් මිය යයි

0
76

ජනවාරි 13 වනදා සවස 7.00ට පමණ මීගමුව කච්චේරිය අසල දුම්රිය හරස් මාර්ගයකදී
කාන්තාවක් දුම්රිය අනතුරකට ලක්වී මිය ගියේය.  මෙම හදිසි  අනතුරට ලක්වූයේ සීදුව, රාජපක්ෂපුර පදිංචි , අවු-54 ක් වයසැති ප්‍රේමවතී මහතමියයි. ඇය සේවය කොට ඇත්තේ
නවෝද්‍යා  එන්වයර්මන්ටල් මාකර්ටින් නම් පිරිසිදු කිරීමේ ආයතනයේය.ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්‍ෙත් සේවය නි නිවස යාමට  මෙම මාර්ගය පසුකරන විටදීය. දුම්රිය මාර්ගය
අසල ඇති සංඥා කම්බියක ඇයගේ පය පැටලී දුම්රිය මාර්ගයට ඇද වැටී ඇත්තේ දුම්රිය ඒ අසලින් ධාවනය වන අවස්ථාවේදී බව දුටුවන් පවසති.