අනාරාධිතව පැමිණි ස්මැක් ආයතනයේ නිතිඥයාට පොලීසියේ දොර වැසේ ?

0
149
mde
mde
mde

ස්මැක් සන්නම් නාමය යටතේ නිෂ්පාදිත මිශ්‍ර පළතරු බීම බෝතලක් පානය කළ කටයුනායක නිදහස් වෙළද කලාපයේ සේවිකාව රෝහල් ගතකෙරුණේ පසුගිය 3 වනදාය.
මේ සිදුවිම සම්බන්ධයෙන් පැමිණිලි විභාගයක් අද කටුනායක ඇවරිවත්ත පොලිසියේදි පැවැති අතර ඒ සදහා ලලනි සොයිසා නැමැති සේවිකාව හා මේ පැණිබිම බෝතලය අලෙවි කළ කඩේ හිමිකරුද පැමිණ තිබුණි.
පොලිසියේ අරාධනයෙන් තොරව එහි පැමිණ සිටි තවත් අයෙක් විය.එනම් ස්මැක් වෙනුවෙන් පෙනිසිටිම සදහා පැමිණ සිටි නිතිඥවරයායි.
ඔහුගේ පැමිණිම ගැන ලලනි සොයිසා සේවිකාව සිය විරෝධය පළකල බවද සැලය.
අද පැවැත්වෙන පැමිණිලි විභාගය සදහා පොලිසිය විසින් ඔහුට ආරාධනා කර ඇත්තේදැයි අප කළවිමසුමට පිළිතුරු දෙමින් අදාල නිතිඥවරයා කියා සිටියේ එවන් ආරධනයක් නොලැබුනද තමන් පැමිණ සිටින්නේ කඩහිමියා වෙනුවෙන් බවය.
එහෙත් කඩහිමියා වෙනුවෙන් කථා කරන්නට පොලිසිය අදාල නිතිඥවරයාට ඉඩ ලබාදුන්නේ නැත.
අදාල කඩහිමියා ඉතාපැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ සටහන් කර තිබුනේ මේ බීම බෝතලයෙන් දුගදක් වහනය වුන බවත් ඉන් සුළු ප්‍රමාණයක් පානය කරද්දිම මෙම සේවිකාව ඔක්කාරයෙන් වමනය දැමු බවත්ය.