අනිල්ගේ දෙවෙනි බොරළු පිරවීමටත් වෙන්නප්පුව ප්‍රා. සභාවෙන් සහාය – විපක්ෂය නිහඩයි

0
96

මේ දිස්වන්නේ වෙන්නප්පුව වැවේ අනවසරයෙන් ඉදිකර ඇති ගොඩකිරීමයි. මෙම ස්ථානයට  ජුනි මාසයේදී නැවතත් බොරළු පුරවා  තිබුණි. වාර්තා වන අන්දමට එම බොරලු එම ස්ථානයේ    කෙලවරට තුනී කර දමා ඇත්තේ කලින් පිරවීමේ යකඩ බමබු වැසෙන ආකාරයටය. කෙසේ නමුත් මෙම බොරළු පිරවීමද නීති විරෝධීය. ජුලි 10 වනදා වෙන්නප්පුව ප්‍රා.සභාපතිවරයා සිරස මාධ්‍යයෙන්  කියා සිටියේ  මෙම ස්ථානයේ මේ ඉදිකිරීම සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් නොපැමිණි අතර ඔවුන්ගේ නිර්ණායක කිසිවක් ලබානොදුන් බවයි. එසේ නම් මේ දෙවන වර බොරළු ගොඩ බෑම හො’  ඒවා තුනී කිරීම ට අදාළව මෙම  අනිල් නමැති  ව්‍යපාරිකයා  කිසිවෙකුට දැන්වූවාද ? කිසිවෙකුගෙන් අවසර ලබාගත්තා ද? මේ පිළිබදව  ප්‍රාදේශීය සභාපතිවරා කිසිවක් නොදන්නේ ද?  මෙම බොරලු බාන අවස්තාවේදී  මේ පිළිබදව  ප්‍රාදේශීය සභාපතිවරයාට ප්‍රදේශයේ ජනතාව දැනුම් දුන්විට ඔහු පවසා තිබුණේ ඒ බොරලු පුරවන්නේ වැරදීමකින් කියායි.  ප්‍රාදේශීය සභාපතිවරයා ගොවි සමිතියේ සාමාජකයන් සහ ගමේ ජනතාව නොමග යවා නැවතත් අනිල්ට බොරළු පිරවීමට ඉඩ ලබාදුන්නේය. මේ දිස්වන්නේ එසේ පිරවූ බොරළු නැවතත් දෙපසට තුනී කර ඇති ආකාරයයි. කිසිදු අවසරයක් නැතිව මෙසේ වැවට බොරළු පුරවන්නට තරම් පුද්ගලික ව්‍යාපාරිකයෙකුට  හැකිවන්නේ මේ සභාපතිවරයාට පැමිණ තිබෙන නියෝග ක්‍රියාත්මක නොකර ඔහු ඒවා සිය ෆයිල් වල තබාගෙන සිටීම නිසයි.     නීතිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී නොසිටින සභාපතිවරයා  මෙම  නීති විරෝධී ඉදිකිරීමට මේ තරම් සහාය දෙන්නේ මන්ද යන්න ඉදිරියේදී හෙළීවනු ඇත.

WP_000053WP_000054